Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ජලෝ මැතිව්ස් පුද්ගලික හේතූන් මත ජුනි මාසයේ මැද සිට අග භාගය දක්වා පැවැත්වෙන එංගලන්ත සංචාරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් මෙම සංචාරයට අයත් වන්නේ එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග තුනක් පමණකි.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නිත්‍ය සාමාජිකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ට පසුගිය බංග්ලාදේශ සංචාරයේදී සීමිත ඕවර කණ්ඩායමේ ස්ථානය අහිමි විය. එහෙත් බංග්ලාදේශය හමුවේ තරගාවලිය පරාජය වීමෙන් පසුව පුහුණුකරු මිකී ආතර් මහතා කීවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කණඩායමේ දොරටු වැසී නැති බවයි.
ශ්‍රී ලංකා කණ්ඩයම තරග 2-1 ක් ලෙසින් බංග්ලාදේශය හමුවේ එක්දින තරගාවලිය පරාජය විය. එම පරාජයට හේතුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අහිමි වීම යයි මතයක් ගොඩනැඟුණ අතර මැතිව්ස් නැවතත් කණ්ඩායමට ගෙන්වා ගන්නා ලෙස විවිධ අංශ වලින් අදහස් ඉදිරිපත් විය.
එක්දින තරග 218 ක ප්‍රවීණයෙකු වන මැතිව්ස් 2008 දී ක්‍රීඩා පිටියට පිවිසි දින සිට ජාතික කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුගේ මෑත කාලීන අඩු දස්කම් නිසා ඔහුට ස්ථානයක් හිමි නොවීය. ඔහුගේ අවසන් එක්දින තරග හතරේදී මැතිව්ස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි.
“ඔහු එංගලන්ත සංචාරයට නොඑන බව අපට දැනුම් දී තිබෙනවා” යයි තේරීම් කමිටු නිලධාරියෙක් පැවසීය. හිටපු නායකයන් සිවු දෙනකු සමගින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුම සීමිත ඕවර සංචිතයෙන් ඉවත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වසර 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා අලුත් ක්‍රීඩකයන් පිරිසක් තෝරා ගනිමින් නව ගමනක් ආරම්භ කළේය.
ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරගවලදී ලකුණු 40 කට වැඩි සාමාන්‍යයක් පවත්වා ගෙන යන එකම වර්තමාන ක්‍රීඩකයා මැතිව්ස් වන අතර ලබන බදාදා ඔහු 34 වැනි වියට පා තබයි.
2023 ලෝක කුසලාන තරගාවලියට ඇත්තේ තවත් වසර දෙකක් පමණක් වන හෙයින් අත්දැකීම් මෙන්ම දස්කම් අනුව ද ඔහුට මීළඟ ලෝක කුසලාන තරගාවලියේ වැදගත් භූමිකාවක් කළ හැකිය. 2015 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය කරා කැඳවාගෙන ගිය නායකයාද මැතිව්ස්ම වන නමුත් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන් මෙන්ම ලසිත් මාලිංග වැනි ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයෝත් 2015 කණ්ඩායමේ සිටියහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.