Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 58) සහ ධනංජය ද සිල්වා (58) එක්ව මීර්පූර්හි ශ්‍රී-බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (25 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් සැනසිලිදායක ඉසව්වකට කැඳවාගෙන ගියහ. මන්දාලෝකය නිසා අද සවස තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 282 ක් ලබා සිටියේය.
බංග්ලාදේශය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 365 ක් ලබාගත් බැවින්, සත්කාරකයෝ තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 83 ක් ඉදිරියෙන් සිටියද මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් තවමත් පිටියේ සිටිති.
දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට මඳ වර්ෂාවක් පතිත වූ දිවා ආහාරයෙන් පසුව එය තරමක් දැඩි විය. වර්ෂාව හේතුවෙන් දිවා ආහාරයත් - තේ පානයත් අතර කාලය සම්පූර්ණයෙන්ම අපතේ ගියේය. පස්වරු 4.00 ආරම්භ වූ තරගය, මන්දාලෝකය හේතුවෙන් 5.30 ට නතර කිරීමට සිදුවිය.
නායක දිමුත් කරුණාරත්න දැවී යාමෙන් පසුව මැතිව්ස්ට එක්වූ ධනංජය ද සිල්වාගේ ප්‍රධානම කාර්යය වූයේ බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ ගණන් බැස්සවීමයි.
පසුව පිටියට පිවිසි නමුත් මැතිව්ස්ට කලින් ධනංජය සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේ පන්දු 90 කින් 8 ක් හතරේ සීමාවට යවමිනි. ක්‍රිකට් පොතේ පහර කිහිපයක්ම අපූරුවට ප්‍රතිනිර්මාණය කළ ධනංජයගේ පිතිහරඹය නෙත් සිත් පිනවන්නක් ම වූයේය. ඔහු සිය අර්ධ ශතකය ලබාගත්තේ මොහොමඩ් කාලිඩ් හමුවේ ගැසූ අලංකාර බැක් කට් පහරකිනි.
ඇන්ජලෝ මැතිව්ස් සිය අර්ධ ශතකය ලබාගත්තේ මනස්කාන්ත ‘ඉන්සයිඩ්-අවුට්’ පහරකිනි. තරමක් ඉහළින් පැමිණි සකිබ් අල් හසන්ගේ පන්දුව වැටෙන තැනටම ඇදුණු මැතිව්ස්, තම දෑතේම බලය පිත්තට කැටිකරමින්, ලෝන්ග් ඕෆ් කලාපයේ හතරේ සීමාවට ඉහළින් පන්දුව යැවීය.
සකිබ් අල් හසන් කොහොමටත් කෛරාටික පන්දු යවන්නෙකි. පිට ඉන්න එල්ලයේ පන්දු යවමින් සිට ඉන් එකක් දිමුත්ගේ පා ආවරණයත් පිත්තත් අතරින් කඩුල්ලට යවා ශ්‍රී ලංකා නායකයාගේ ඉනිම අවසන් කළ වමත් දඟපන්දු යවන්නා, ධනංජයට ඇටවූයේත් ඊට සමාන උගුළකි. පන්දුව නියමිත දුරකින් පතිත කළද අතරින් පතර තරමක් වැඩි වේලාවක් ගුවනේ පා කළ දඟ පන්දු යවන්නා, ධනංජයගේ පිත්තේ පිටත දාරය සොයාගත්තේය.
ක්‍රීඩකයන්ගේ ඉල්ලීම විනිසුරු ජෙයෙල් විල්සන් මහතා විසින් ප්‍රතික්ෂේප කළ නමුත් විතීවි සහාය ඉල්ලා සිටි බංග්ලාදේශීහු ධනංජයගේ ඉනිම නිමා කළහ.
ඊයේ සවස පිටියට පිවිසි මුරකරු පිතිකරු කසුන් රාජිත අද දිනයේ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය බැවින් ඇන්ජලෝ මැතිව්ස්ට උදයේම පිටියට එන්නට සිදුවිය. මැතිව්ස් සහ දිමුත් දෙදෙනා කලබලයකින් තොරව ඉදිරියට ගියද බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ ආක්‍රමණය එන්න එන්නම වැඩිවිය.
එබාදත් හොසේන් ඉතාමත් හොඳින් පන්දු යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනා ඇද බැඳ තබාගනිද්දී, සකිබ් අල් හසන් ඔවුන් දෙදෙනාව වරදට පොළඹවාගන්නට උත්සාහ කළේය.
දිමුත් කරුණාරත්න හමුවේ පිට ඉන්න එල්ලයේ පන්දු යවමින් ‘කට්’ පහරවලට යන මෙන් පිතිකරුවාට ආරාධනා කළ වමත් දඟ පන්දු යවන්නා, පිට ඉන්න පැත්තේ පන්දු රකින්නන් රඳවමින් ලකුණු ගලා ඒම පාලනය කළේය. හසන්ගේ එක පන්දුවක් දිමුත්ගේ පා ආවරණයත් පිත්තත් අතරින් රිංග කඩුල්ලට කඩා වදින විට, දිමුත්ගේ පන්දු 155 ක ඉනිම ලකුණු 80 කට සීමා වූ අතර ඊට හතරේ පහර 9 ක් ඇතුළත්ව තිබිණ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.