Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස්වෙල්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

මැක්ස්වෙල්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

editorial - 2024 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ඕස්ටේ්‍රලියාව අතර ඇඞ්ලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 34 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව ඊයේ (11 වැනිදා) සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජයගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. මාකස් ස්ටොයිනිස් ලකුණු 36 කට කඩුලු 3 ක් දවාගත් අතර කොදෙව් ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ස්ටොයිනිස්ට අනගි සහායක් දුන් ජොෂ් හෙසල්වුඞ් සහ ස්පෙන්සර් ජොන්සන් කඩුලු 2 බැගින්ද දවාගත්හ. 

කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රෝමන් පවෙල් පන්දු 36 කදී හයේ පහර 4 ක් සහ ලකුණු 63 ක් රැස්කළ අතර ඔන්ඩි්‍ර රසල් පන්දු 16 කින් ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. අවසන් ඕවර කිහිපයේදී පන්දු 16 කට මුහුණදුන් ජේසන් හෝල්ඩර් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුනු 241 ක් රැස්කළ අතර එහිදී ප්‍රවේගකාරි පිතිහරඹයක නිරත වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 55 කින් නොදැවී ලකුණු 120 ක් රැස්කළේ හයේ පහර 8 ක් සහ හතරේ පහර 12 ක් සමගිනි. එය මැක්ස්වෙල්ගේ 5 වැනි විස්සයි-20 ශතකයද විය. 

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක්ද, නායක මිචෙල් මාෂ් පන්දු 12 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක්ද, ටිම් ඬේවිඞ් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. 


ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී 241
(ඬේවිඞ් වෝනර් 22, මිචෙල් මාෂ් 29, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 120, මාකස් ස්ටොයිනිස් 16, ටිම් ඬේවිඞ් නොදැවී 31, ජේසන් හෝල්ඩර් 42/2) 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 207 
(ජොන්සන් චාල්ස් 24, නිකලස් පූරන් 18, රෝමන් පවෙල් 63, ඔන්ඩි්‍ර රසල් 27, ජේසන් හෝල්ඩර් නොදැවී 28, මාකස් ස්ටොයිනිස් 36/3, ජොෂ් හෙසල්වුඞ් 31/2, ස්පෙන්සර් ජොන්සන් 39/2) 

-036 


අදහස් (0)

මැක්ස්වෙල්ගේ පිතිහරඹය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.