Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස්වෙල්ගේ ඉනිමෙන් පන්ජාබ් පිලට තවත් ජයක්

මැක්ස්වෙල්ගේ ඉනිමෙන් පන්ජාබ් පිලට තවත් ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ කිංග්ස් XI, පන්ජාබ් පිල සහ චෙන්නායි සුපර් කිංග්ස් පිල අතර ඉන්දියාවේ කටක් ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කිරීමට කිංග්ස් XI, පන්ජාබ් පිල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 231 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට නියමිත  ඕවර 20 අවසනයේ කඩුලූ 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187 පමණි.

පන්දු 25 කදී වේගවත් ලකුණු 52 ක් රැස්කළ ෆෆ් ඩුප්ලෙසි තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙනයෑමේ උත්සහයක නිරතවූවද තරගය ජය ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI, පන්ජාබ් පිල, නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 231 ක් ලබාගත්තේය.  

එහිදී ප‍්‍රවේගකාරී ඉනිමක් කී‍්‍රඩා කළ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 38 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 90 ක් රැස්කළේය.

මැක්ස්වෙල් සමග එක්වූ ඬේවිඞ් මිලර් (47) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 135 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පන්ජාබ් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබීය.

පස්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ජෝජ් බේලි, නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 13 කදී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.


කිංග්ස් ඞෂ පන්ජාබ් පිල -  ඕවර 20 කදී කඩුලූ 4 කට 231
(විරේන්ද්‍ර ශෙවාග් 30, ග්ලේන් මැක්ස්වෙල් 90, ඬේවිඞ් මිලර් 47, ජෝජ් බේලි 40, මෝහිත් ශර්මා 38/2)
 
චෙන්නායි සුපර් කිංග්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 7 කට 187
(බ්‍රෙන්ඩන් මැකලම් 33, සුරේෂ් රයිනා 35, රවින්ද්‍ර ජදේජා 17, ෆෆ් ඩුප්ලෙසි 52, මහේන්ද්‍ර සිං දෝනි 23, මිචෙල් ජොන්සන් 37/2)


- 036

 


අදහස් (0)

මැක්ස්වෙල්ගේ ඉනිමෙන් පන්ජාබ් පිලට තවත් ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.