වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම පරදවා ලකුණු 119 ක ජයක් අත්කර ගැනීමට මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම අද (20 වැනිදා) සමත්විය. මෙම තරගය මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
විශිෂ්ට පිතිහරඹයක නිරතවූ දෙනුවන් රාජකරුණාගේ (නොදැවී 117) ශතකයත්, ඇන්ජලෝ එම්මානුවෙල් (32/4) සහ බුද්ධික සංජීවගේ (24/3) පන්දු යැවීමත් හමුවේ මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායමට ජය හිමිවිය. චරණ නානායක්කාරද (63) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් කවින් බණ්ඩාර (නොදැවී 76) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන්ද අක්තාබ් කාදර් කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.
මාස් සිලූටා - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 256
(දෙනුවන් රාජකරුණා නොදැවී 117, චරණ නානායක්කාර 63, ඇන්ජලෝ එම්මානුවෙල් 25, අක්තාබ් කාදර් 54/4, නුවන් තුෂාර 47/2)
ජෝන් කීල්ස් ‘බී’ - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(කවින් බණ්ඩාර නොදැවී 76, මනෝජ් සරත්චන්ද්‍ර 30, ඇන්ජලෝ එම්මානුවෙල් 32/4, බුද්ධික සංජීව 24/3, රොමේෂ් සිල්වා 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.