Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලබේ - මහරගම මහ ක්‍රිකට් තරගයක ඇරඹුම

මාලබේ - මහරගම මහ ක්‍රිකට් තරගයක ඇරඹුම

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රධානම බාලක පාසල් දෙකක් වන මාලබේ ආදර්ශ පිරිමි විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර පළමු මහා ක්‍රිකට් තරගය සීමිත ඕවර තරගයක් ලෙස මේ මස 7 වැනිදා මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ලබන වසරේ සිට සාම්ප්‍රදානුකූල මහා ක්‍රිකට් තරගයක් වශයෙන් දෙදින තරගයක් සහ එක්දින තරග ලෙස පැවැත්වීමට විදුහල් දෙකම සූදානමින් සිටියි.  

මෙම පළමු තරගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා විදුහල් දෙකේ විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී පසුගියදා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ විදුහල්පති සිසිර ගුණරත්න මහතා පැවසුවේ මෙවැනි මහා ක්‍රිකට් තරගයක් සඳහා මෙම විදුහල් දෙක වඩාත් ගැලපෙන බවයි.

“අපේ පාසලට දිගු ක්‍රිකට් ඉතිහාසයක් නෑ. වයස 19 න් පහළ තරගාවලියට සහභාගි වී දැනට වසර හතරක්, පහක් පමණයි වෙන්නේ. අපේ දරුවන්නට විෂය බාහිර කටයුත්තක් වන ක්‍රීඩාවේදී මහා ක්‍රිකට් තරගයක් කියන්නේ දරුවන්ට වඩාත් වැදගත් අවස්ථාවක් කියලයි මම හිතන්නේ” යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

මහරගම ජනාධිපති විදුහලේ විදුහල්පති ඩව්ලිව්. වසන්ත කුමාර මහතා පැවසුවේ පළමු තරගය වඩාත් සාර්ථකව පැවැත්වීම තම ආරමුණ බවයි.

“අපේ පාසල ආරම්භ කරලා වසර 39 යි. නමුත් අපිට වසර 22 ක ක්‍රිකට් ඉතිහාසයක් තියෙනවා. මේ පාසල් දෙක එකම අධ්‍යාපන කලාපයේ පිරිමි පාසල් දෙකක්, ඒ වගේම ශිෂ්‍ය සංඛ්‍යාවත් සමානයි. ඒ නිසා අපි වඩාත් ගැලපෙනවා” යැයි වසන්ත කුමාර මහතා වැඩි දුරටත් පැවසීය.

මාලබේ පිරිමි විදුහල් පිලේ නායක කාවින්ද සුලෝචන සහ මහරගම ජනාධිපති විදුහල් පිලේ නායක තිරාන් සසිඳු මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ අතර එම ක්‍රීඩකයන් පැවසුවේ ද මෙය තම ජීවිතයේ ලැබුණු මහඟු අවස්ථාවක් බවයි.

මාලබේ ආදර්ශ පිරිමි විදුහලේ විදුහල්පති සිසිර ගුණරත්න මහතා මාධ්‍ය හමුව අමතමින්..
(ඡායාරූපය: ඉෂාන් සංජීව)


අදහස් (0)

මාලබේ - මහරගම මහ ක්‍රිකට් තරගයක ඇරඹුම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.