Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංගගෙන් කඩුලු 2ක්, මුම්බායි පිලට ජය

මාලිංගගෙන් කඩුලු 2ක්, මුම්බායි පිලට ජය

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර ඉන්දියාවේ වැන්කඬේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරමට මුම්බායි පිල සමත්විය.

මෙම තරගයේදී ලසිත් මාලංග ලකුණු 29 ට කඩුලු 2 ක් දවාගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලට නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 168 ක් පමණි.

බැංගලෝර් පිලේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කි‍්‍රස් ගේල් සහ පාර්තිව් පතෙල් සමත්වුවද තරගය ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනූ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිලේ නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 5 දැවී ලකුණු 187 ලබාගත්තේය.

ලකුණු 84 කට කඩුලූ 4 ක් දැවී මුම්බායි පිල තරමක අසීරු තත්ත්වයක පසුවූ අවස්ථාවේ නායක රොහිත් ශර්මා (නොදැවී 59) සමග එක්වූ කිරන් පොලාඞ් (43) පස්වැනි කඩුල්ල සඳහා පන්දු 60 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ඉහළට ඔසවා තිබීය.

නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ රොහිත් ශර්මාගේ අර්ධ ශතකයට පන්දු 35 ක් වැය විය. එම ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 3 කින් අලංකාර කිරීමටද ඔහු සමත්විය.

මුම්බායි ඉන්දියන්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 5 කට 187
(බෙන් ඩන්ක් 15, චිදම්බරම් ගෞතම් 30, රෝහිත් ශර්මා නොදැවී 59, කිරන් පොලාඞ් 43)

බැන්ගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 කට 168
(කි‍්‍රස් ගේල් 38, පාර්තිව් පතෙල් 26, විරාට් කෝලි 35, රිලී රෝසොව් 24, ජස්පී‍්‍රත් බුම්රා 22/2, ලසිත් මාලිංග 29/2, හර්බජාන් සිං 33/2)
 
-036

 


අදහස් (0)

මාලිංගගෙන් කඩුලු 2ක්, මුම්බායි පිලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.