Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද අබුඩාබි සිට..)
මහේල ජයවර්ධන මහතා උපදේශකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමෙන් අනතුරුව කණ්ඩායමේ පිතිහරඹ ලැයිස්තුවේ අනුපිළිවෙල සම්බන්ධයෙන් පැවති ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවූ බව භානුක රාජපක්ෂ පැවසීය. නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී පන්දු 27 කින් වේගවත් ලකුණු 42 ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය භානුක, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.
“උපදේශකවරයෙක් විධියට කණ්ඩායමට එක් වුණාට පස්සේ මහේල අයියා කණ්ඩායමේ පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් කළා. පිතිහරඹ ලැයිස්තුව පිළිවෙලකට සකස් කරගන්න ඒ වෙනස්කම් ටික ලොකු උදව්වක් වුණා. මහේල අයියා අවිෂ්කව නොම්බර 4 ට ගෙනාවා. මාව නොම්බර 5 ට ගෙනාවා. ආරම්භක පිතිකරුවෙක් විධියට පැතුම් නිස්සංකවත් ඇතුළට ගෙනාවා. පිතිකරුවන් ලෙස සාර්ථක වෙන්න අපිට ඒක හුඟක් බලපෑවා.” යැයි භානුක පැවසීය.
තරගයක් දෙකක් ආර්ථක වූ පමණින් ක්‍රීඩකයන් මාරු නොකර දිගින් දිගටම ඔවුන්ට අවස්ථාව දීමට තේරීම් කමිටුව සහ පුහුණුකරුවන් කටයුතු කිරීම තුළින් ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය වූ බවද එහිදී භානුක සඳහන් කළේය. අසාර්ථක වූ සැනින් ක්‍රීඩකයකු කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගන්නේ නම් එම ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේ දැඩි පීඩනයකින් බවත්, ඉන් මිදීමට ඔහු තුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවත් භානුකගේ මතය විය.
“මේ වන විට කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුටම වෙන වෙනම වගකීම් බාරදීලා තියෙනවා. වැදගත්ම දේ තමා අපිට පුහුණු තරගත් ඇතුළත්ව එක දිගට තරග 5 කට 6 කට සහභාගි වෙන්න ලැබුණ එක. ඒ හරහා ක්‍රීඩකයන් තුළ ලොකු විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. වරක් දෙවරක් අසාර්ථක වුණා කියලා ක්‍රීඩකයන් මාරු කරන්නෙ නෑ කියන විශ්වාසය ක්‍රීඩකයන්ට ලැබිලා තියෙනවා. ඒ නිසා ක්‍රීඩකයන්ට පීඩනයකින් තොරව ක්‍රීඩා කරන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවා තරග ජයග්‍රහණය කරන්න.” යැයි භානුක කියා සිටියේය.
අංක 5 පිතිකරු ලෙස තමාට පැවරී ඇති කාර්ය භාරය තරගයෙන් තරගයට වෙනස්වන බැවින් සුපුරුදු වේගවත් පිතිහරඹ රටාවෙන් තරමක් ඔබ්බට ගොස් අවස්ථාවට උචිත අකාරයට ක්‍රීඩා කිරීමට තමාව වෙනස් කරගත් බවද භානුක පැවසීය. තමා පිටියට පිවිසෙන විට වේලාසනින් කඩුලු දෙක තුනක් බිඳවැටී තිබුණහොත් එහි ඇති අවදානම ගණනය කරමින් ඉතාමත් ප්‍රවේශම් සහිතව ලකුණු කරා යෑමටත්, ඉනිමේ අවසන් ඕවර කිහිපය ක්‍රියාත්මක වන්නේ නම් වේගයෙන් ලකුණු කරා යෑමත් තමාට හැකියාව ඇති බවට විශ්වාස කරන බවද භානුක සඳහන් කළේය.
“ඊයේ තරගයේදී නම් මට වමත් පන්දු යවන්නෙක් පන්දු යවපු නිසා තමයි මම ටිකක් වේගයෙන් ලකුණු රැස්කළේ. ඒත් අවස්ථාව අනුව පන්දුවට පහරදෙන එක කොකටත් හොඳයි කියලා මම හිතනවා. ඊයේ නම් අපිට ඇති තරම් වෙලාව තිබුණා ජයග්‍රහණය කරා යන්න. ඒත් ඕනවට වඩා පරිස්සම් වෙන්න ගිහින් තවත් කඩුල්ලක් බිඳ වැටුණා නම් ඒක ලොකු පීඩනයක් වෙනවා යට ඉන්න පිතිකරුවන්ට. ඒකයි මම පොඩි අවදානමක් අරන් ලකුණු ලබාගැනීම වේගවත් කළේ.” යැයි භානුක පැවසීය.
කණ්ඩායමට ඇතුළත් වීමේ ප්‍රධානම සාධකයක් බවට පත්ව ඇති ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ භානුක, එහිදී කියා සිටියේ අවිෂ්කටත් තමාටත් ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ගැටුවක් තිබූ නමුත් මේ වන විට එය විසඳා ගැනීමට හැකිවී ඇති බවය. තමා මෙන්ම අවිෂ්කද ශාරීරික යෝග්‍යතාව ගොඩනගානැනීම වෙනුවෙන් අපමණ වෙහෙසුන බවත් එහි ප්‍රථිඵල මේ වන විට පෙනෙන්නට ඇති බවත් භානුක කියා සිටියේය.
“ශාරීරික යෝග්‍යතාව නිසා අවිෂ්කත් මමත් හුඟක් බාධකවලට මුහුණ දුන්නා. ඒත් දැන් අපි හුඟක් වෙහෙසිලා ඒ ප්‍රශ්නෙ විසඳගෙන තියෙනවා. ඕනම ක්‍රීඩකයකුට ශාරීරික යෝග්‍යතාව කියන්නේ අවශ්‍යම දෙයක්. ඒක දැන් අපිට හොඳටම තේරෙනවා. මොකද දැන් අපි දෙන්නම දැන් හුඟක් දුවලා ලකුණු රැස්කරනවා. පන්දු රකිනකොටත් හුඟක් වෙලාවට අපි පන්දු රකින්නේ හතරේ සීමාව ආසන්නයේ. දිගින් දිගටම ලකුණු අතර රැදී ඉන්න ශාරිරික යෝග්‍යතාව අපිට ලොකුවට බලපෑවා කියලා මම හිතනවා.” යැයි ද භානුක පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.