ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවති තරගයකින් මුවර්ස් කී‍්‍රඩා සමාජය පරදවා ඩක්වත් ලූවිස් ක‍්‍රමයට ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සිංහල කී‍්‍රඩා සමාජය සමත්විය. මෙම තරගය මුවර්ස් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ලකුණු 277 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සිංහල කී‍්‍රඩා සමාජය කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඕවර 38 ක් තුළදී ලකුණු 215 ක් ලබාසිටියේය. කෙසේ වුවත් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඒ මොහොතේ තරගය ජයග‍්‍රහණය කිරීමට ඔවුන්ට අවශ්‍යවී තිබුණේ ලකුණු 178 ක් පමණි.
මහේල ජයවර්ධන (90) සහ ධනුෂ්ක ගුණතිලක (75) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිංහල කී‍්‍රඩා සමාජයට ජයග‍්‍රහණයේ දෙරටු විවර කර දුන්හ. පන්දු 83 ක් කින් වාර්තා වූ මහේලගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත්විය.
සිංහල කී‍්‍රඩා සමාජය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 276 ක් රැස්කළේය. එහිදී චතුරංග ද සිල්වා සහ ඉශාම් ගවුස් පිළිවෙළින් ලකුණු 71 ක් සහ 57 ක් වශයෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
මුවර්ස් කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 276
(ඉශාම් ගවුස් 57, ඔසඳ ප‍්‍රනාන්දු 35, චතුරංග ද සිල්වා 71, සුරේෂ් නිරෝෂන් 27, කෞෂල්‍ය ගජසිංහ 26, හර්ෂ කුරේ නෙදැවී 21, චරිත් ජයම්පති 40/3, ධම්මික ප‍්‍රසාද් 48/2)
සිංහල කී‍්‍රඩා සමාජ කණ්ඩායම ඕවර 38 කදී කඩුලූ 2 ක් දැවී 215
(මහේල ජයවර්ධන 90, ධනුෂ්ක ගුණතිලක නෙදැවී 75, කෞෂාල් සිල්වා 25, චාමර කපුගෙදර නෙදැවී 15)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.