Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල ඊයේ (4 වැනිදා) සමත් විය.
කඳාන ද මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී කුරුණෑගල මලියදේව විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව මහින්ද විදුහල අවසන් පූරව වටයට පිවිසියේය.
මේ මස 8 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් විදුහලට එරෙහිව මහින්ද විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 62.3 කදී කඩුලු 7 ක් දැවී 159
(ජයමින් මුතුකුමාරණ නොදැවී 40, අමේෂ් තෙන්නකෝන් 33, ගයාෂාන් වීරසිංහ 28, නදුන් ඉලංගකෝන් 20, තරුෂ දිල්ෂාන් 31/4)
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 40.3 කදී කඩුලු 3 ක් දැවී 99
(චන්දූප ද සිල්වා 35, දිනුර කළුපහණ 35, ධනුජ ඉඳුවර නොදැවී 19)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.