Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ලකුණු 269 ක් ඉදිරියෙන්
එන්.එස්.එල් - 2022

මහනුවර ලකුණු 269 ක් ඉදිරියෙන්

editorial - 2022 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලසිත් ඇඹුල්දෙණිය (100/4) සහ අශීන් ඩැනියෙල් (89/3) දෙදෙනාගේ වෙහෙසකර නමුත් ධෛර්යවත් පන්දු යැවීම නිසා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් අවසන් තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 217 ක දැවැන්ත මුල් ඉනිමේ වාසියක් ලබාගත්හ. සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 52 ක් ලබා සිටි මහනුවර කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වූ අද (9 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට යාපනයට වඩා ලකුණු 269 ක් ඉදිරියෙන් සිටියේය.

මහනුවර පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 444 ක් ලබාගත් නමුත් ඒ වෙනුවෙන් වැය වූ කාලය නිසා මෙම තරගයෙන් පරාජය නොවී සිටීමේ අවස්ථාවක් යාපනය පිල සතුව තිබේ. මක්නිසාද යත් තවත් ඉතිරිවී ඇත්තේ තරගයේ දිනයක් පමණක් වන බැවිනි.

යාපනය ඉනිමේදී යවන ලද ඕවර 89 න් ඕවර 71 ක් ම යවන ලද්දෙ ඇඹුල්දෙණිය (ඕවර 39) සහ අශීන් ඩැනියෙල් (ඕවර 32.1) දෙදෙනා විසිනි. ජාතික කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටින වමත් දඟ පන්දු යවන්නාට කදිම සහයෝගයක් දුන් 21 හැවිරිදි අශීන් ඩැනියෙල් විසින් දවාගන්නා ලද පිතිකරුවන් අතර ශ්‍රී ලංකා හිස්වැස්ම පළඳින්නෝ දෙදෙනෙක්ම සිටියහ.
යාපනය පිලේ 8 වැනි කඩුල්ල ලකුණු 150 දී බිඳවැටුණ නමුත් නොදැවී ලකුණු 49 ක් ලබාගත් දිලුම් සුධීර, පසුපෙළ පිතිකරුවන් තනි අතින් මුවාකර ගනිමින්, අවසන් කඩුලු 2 සඳහා ලකුණු 43 ක් එකතු කළේය. එබැවින් යාපනයේ මුලු ලකුණු සංඛ්‍යාව 220 න් ඔබ්බට ගියේය.


මහනුවර - පළමු ඉනිම 444 යි
යාපනය - පළමු ඉනිම 227 යි

(නවෝද් පරණවිතාන 13, නිශාන් මධුෂ්ක 57, සධීර සමරවික්‍රම 15, ධනංජය ද සිල්වා 30, ගීත් කුමාර 16, ජනිත් ලියනගේ 10, දුනිත් වෙල්ලාලගේ 19, දිලුම් සුධීර නොදැවී 49, ලසිත් ඇඹුල්දෙණිය 100/4, අසිත ප්‍රනාන්දු 25/2, අශීන් ඩැනියෙල් 89/3)

මහනුවර - දෙවැනි ඉනිම කඩුලු 1 ට 52 යි
(කමිල් මිෂාර 26, කසුන් විදුර නොචදැවී 16, දිලුම් සුධීර 13/1)

- 213


අදහස් (0)

මහනුවර ලකුණු 269 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.