Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ලකුණු 191 ක් ඉදිරියෙන්
ජාතික සුපිරි ලීගය

මහනුවර ලකුණු 191 ක් ඉදිරියෙන්

editorial - 2023 පෙබ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටියේය.

දෙවැනි දිනය නිමාවට පත්වන විට මහනුවර කණ්ඩායම තවත් කඩුලු 4 ක් ඇතැතිව යාපනය කණ්ඩායමට වඩා ලකුණු 191 ක් ඉදිරියෙන් සිටි අතර ඒ වන විට අහන් වික්‍රමසිංහ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද, අම්ෂි ද සිල්වා නොදැවී ලකුණු 3 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිමේදී අගනා ශතකයක් ලබාගත් අහන්, දෙවැනි ඉනිමේදී ලබාගත් අර්ධ ශතකයත් සමග මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත් විය. මේ වන විට ඔහු මෙම තරගාවලිය තුළ ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් ලබා සිටියි.

කසුන් විදුර හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක්ද, තනුක දාබරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, ඕෂධ ප්‍රනාන්දු හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් මහනුවර දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පළමු දිනය සඳහා ඊයේ (9 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටි යාපනය කණ්ඩායම ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 152 ක් එක්කර ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 160 කින් ලකුණු 129 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 16 ක් සමගිනි.


මහනුවර පිල පළමු ඉනිම - ඕවර 66.1 කදී සියලු දෙනා දැවී 265
යාපනය පිල පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 245

(නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 129, වනුජ සහන් 50/3,  ළහිරු කුමාර 52/3, අම්ෂි ද සිල්වා 60/2)

මහනුවර පිල දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 6 ක් දැවී 171
(කසුන් විදුර 29, තනුක දාබරේ 21, ඕෂධ ප්‍රනාන්දු 27, නිරෝෂන් දික්වැල්ල 25, අහන් වික්‍රමසිංහ නොදැවී 51, ශෂික දුල්ෂාන් 53/4)

 


අදහස් (0)

මහනුවර ලකුණු 191 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.