අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මහින්ද විදුහල් හංසික වැලිහින්න (155) සහ විනුර දුල්සර (102) ශතක ලබාගත් අතර එම විදුහලේම නවෝද් පරණවිතාන ලකුණු 77 ක් රැස්කළේය.
ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 82 කදී සියලු දෙනා දැවී 325
(කසුන් ගුණවර්ධන 82, ඉසුරු දයානන්ද 60, යකිත සමරරත්න 48, චේතිය බණ්ඩාර 32, ධනුක මාරසිංහ 22, නිපුන් මාලිංග 54/3, නවෝද් පරණවිතාන 50/2, විනුර දිල්සර 82/2)
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 103 කදී කඩුලු 9 ක් දැවී 475
(හංසික වැලිහින්න 155, විනුර දුල්සර 102, නවෝද් පරණවිතාන 77, නිපුන් මාලිංග 41, දනුජ් ඉඳුවර 30, පසන් පෙතන්ගොඩ 23, තුෂාන් බණ්ඩාර 119/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.