අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල සහ මාතර රාහුල විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 50 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.
එහිදී රාහුල විදුහලේ මනුජ දුල්නෙත් ලකුණු 24 කට කඩුලු 12 ක් දවාගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිතර විය.
ශ්‍රී ජයවර්ධනපුර විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 109
(ගිහාන් බොතේජු 33, ආකාෂ් කුමාර 21, සුලක්ෂණ අෂාන් 26/4, මනුජ දුල්නෙත් 15/4, චමෝත් පුෂ්ප 11/2)
රාහුල විදුහල් පළමු ඉනිම - ඕවර 53.1 කදී සියලු දෙනා දැවී 191
(සුලක්ෂණ අෂාන් 72, රුවින්ද දිල්ෂාන් 29, ලකිඳු චමෝද්‍ය 29, දේශප්‍රිය පෙරේරා 53/4, චමෝද් සුපුන් 08/2, හසිත උමයංගන 23/2)
ශ්‍රී ජයවර්ධනපුර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 32
(මනුජ දුල්නෙත් 09/8, සුලක්ෂණ අෂාන් 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.