Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මධුශංකට තුන්වැනි තරගය අහිමි වෙයි
එක්දින තරගාවලිය

මධුශංකට තුන්වැනි තරගය අහිමි වෙයි

editorial - 2024 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (18 වැනිදා) පැවැත්වීමට නියමිත තුන්වැනි සහ අවසන් එක්දින අන්තර්ජාතික තරගය වමතින් වේග පන්දු යවන ඩිල්ෂාන් මධුශංකට අහිමි වී තිබේ. දෙවැනි එක්දින තරගයේදී ඩිල්ෂාන් පාදයේ කලව මස්පිඬුවේ සුළු ඉරී යාමකට මුහුණු දුන්නේය. 

මෙම ආබාධය නිසා ඕවර 6.4 ක් යැවීමෙන් පසුව ඩිල්ෂාන් මධුශංක පන්දු යැවීමෙන් ඉවත් වූ අතර ඔහුගේ ඕවරයේ ඉතිරි පන්දු 2 ජනිත් ලියනගේ විසින් යවන ලදි. 

වෛද්‍ය පරීක්‍ෂණ වලින් සනාථ ව ඇත්තේ ඩිල්ෂාන් මධුශංකගේ වම් පාදයේ මස්පිඬු ඉරීයාමක් හේතුවෙන් ඔහුට දින කිහිපයක්ම විවේක අවශ්‍ය වන බවයි. ඒ අනුව ඩිල්ෂාන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඩිල්ෂාන්ගේ ආබාධය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිතය. 

බංග්ලාදේශයේදී පැවැති එක්දින තරග දෙකේදීම සිය මුල්ම ඕවර දෙකේදීම ලිටන් දාස් ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ඩිල්ෂාන් මධුශංක සමත් විය. එම තරග දෙකේදීම ඔහු ලකුණු 74 කට කඩුලු 4 ක් දවාගත්තේය. 


අදහස් (0)

මධුශංකට තුන්වැනි තරගය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.