Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවහටිහිදී පැවැති පළමු එක්දින තරගයේදී පන්දුව හතරේ සීමාවට යා නොදී රැකගැනීමට ගත් උත්සාහයකදී වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ උරහිස විසන්ධි වී තිබේ.
මධුශංක වමතින් වේග පන්දු යවන්නකු වන නමුත් පන්දුව රැකගැනීම සඳහා ඒ වෙත පැනීමේදී ඔහුගේ දකුණු උරහිස විසන්ධි වී ඇත.
උරහිසේ එක්ස්-කිරණ වාර්තාවක් සහ එම්.ආර්.අයි. ස්කෑන් වාර්වක් සඳහා මධුශංක අද පෙරවරුවේදී යොමුකර තිබේ. එම වෛද්‍ය වාර්තාවල තොරතුරු අනුව ක්‍රීඩකයා නැවතත් ශ්‍රී ලංකාවට එවන්නේද නැද්ද යන්න පිළිබඳව කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණයක් ගනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩයම මේ වනවිට කොල්කටා නුවරට ළඟාවී තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි එක්දින තරගය හෙට (12 වැනිදා) කොල්කටා නුවර ඊඩ්න් උද්‍යන පිටියේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.