Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මතීෂ චෙන්නායි පිල ඉදිරියට තල්ලුකරයි
අයි.පී.එල්. 2023

මතීෂ චෙන්නායි පිල ඉදිරියට තල්ලුකරයි

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

මතීෂ පතිරණ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව චෙන්නායිහිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සෙනසුරාදා (6 වැනිදා) සමත් විය. මෙවර තරගාවලියේදී චෙන්නායි කණ්ඩායම ලැබූ 6 වැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණීමටද ඔවුන්ට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි ක්‍රීඩකයෝ, පන්දු 14 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරාගත්හ. ශිවම් ඩූබේ පන්දු 18 කදී හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. රුතුරාජ් ගයික්වාඩ් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 16 කින් ලකුණු 30 ක්ද, ඩෙවෝන් කොන්වේ හතරේ පහර 4 ක් සමග පන්දු 42 කින් ලකුණු 44 ක්ද රැස්කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට චෙන්නායි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි. මුල් පෙළ පිතිකරුවන් තිදෙනාම ලකුණු 14 ක් ඇතුළත දැවී යද්දී, මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නෙහාල් වධීරා පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග සිය මංගල අයි.පී.එල්. අර්ධ ශතකය වාර්තා කළේය.

මතීෂ පතිරණ කෙරේ විශ්වාසය තැබූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් තීරණාත්මක ඕවර 4 ක් වූ 13, 15, 18 සහ 20 වැනි ඕවර යැවීමට මතීෂ කැඳවන ලදි. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ වධීරාගේ කඩුල්ලද සමගිනි. එහිදී මතීෂ යැවූ පන්දු පන්දු 24 න් 8 ක්ම නිලකුණු පන්දු විය. මෙම තරගයේදී මතීෂගේ පන්දු හමුවේ එක් හයේ පහරක් හෝ හතරේ පහරක් එල්ල කිරීමට මුම්බායි පිතිකරුවන් අසමත්වීමද කැපී පෙනෙන සිදුවීමක් විය. එම දස්කම් හේතුවෙන් මතීෂට තරගයේ වීරයා සම්මානයද පිරිනැමිණ.


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 139
(නෙහාල් වධීරා 64, සූර්යකුමාර් යාදව් 26, ටි්‍රස්ටන් ස්ටබ්ස් 20, මතීෂ පතිරණ 15/3, දීපක් චාහර් 18/2, තුෂාර් දේෂ්පාන්ඩේ 26/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල - ඕවර 17.4 කදී කඩුලු 4 කට 140
(රුතුරාජ් ගයික්වාඩ් 30, ඩෙවෝන් කොන්වේ 44, අජින්ක්‍යා රහනේ 21, ශිවම් ඩූබේ නොදැවී 26, පියුෂ් චවුලා 25/2)

 

-036


අදහස් (0)

මතීෂ චෙන්නායි පිල ඉදිරියට තල්ලුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.