Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොමිලා වික්ටෝරියන්ස් පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 65 කදී නොදැවී ලකුණු 96 ක් රැස්කළ නමුත් ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති බී.පී.එල්. තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ඩකා ප්ලැටූන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය ඩකා ප්ලැටූන් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය.
මොමිනුල් හක් (නොදැවී 28) සහ සහීඞ් අෆ්රිඞ් (නොදැවී 26) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 39 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඩකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
ඩකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ටමීම් ඉක්බාල් (34) සහ මෙහෙදි හසන් (59) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 29 කදී වාර්තා වූ හසන්ගේ අර්ධ ශතකය හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජිබුර් රහමන් සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකරමින් පිට පිට පන්දු දෙකකදී කඩුලු 2 ක් දවාගැනීමටද සමත් විය. එහිදී අසීෆ් අලී සහ ජාකිර් අලී දෙදෙනාම මුජිබුර්ගේ පන්දු හමුවේ ලකුණු නොළබා දැවී ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වොරියර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 160 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 65 කදී නොදැවී ලකුණු 96 ක් රැස්කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
ලකුණු 57 කට කඩුලු 3 ක් බිඳවැටී තිබියදී යසීර් අලී (30) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 103 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද භානුක සමත් වූ අතර පන්දු 27 කට මුහුණදුන් අලී හතරේ පහර 2 ක් සමගින් ලකුණු රැස්කළේය.
කොමිලා වොරියර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 160
(භානුක රාජපක්ෂ නොදැවී 96, යසිර් අලී නොදැවී 30, මෙහෙදි හසන් 09/2)
ඩකා ප්ලැටූන් පිල - ඕවර 19.5 කදී කඩුලු 5 ක් දැවී 161
(ටමීම් ඉක්බාල් 34, මෙහෙදි හසන් 59, මොමිනුල් හක් නොදැවී 28, සහීඞ් අෆ්රිඩි නොදැවී 26, මුජිබුර් රහමන් 22/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.