
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය දින 7 ක් තරම් කෙටි කාලයකදී ආපසු හැරවූ නමුත් භානුක රාජපක්‍ෂට නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසීමට නම් නියමිත පරිදි ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ වලින් සමත්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති.
එම තත්ත්වය අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී කණ්ඩායමට එක්වීමට භානුක රාජපක්‍ෂට ඇති අවස්ථාව ඉතාමත් අල්ප බවද ඔව්හු කියති.
“එයාගේ සමේ මේද තට්ටුව 70 ට වැඩියි. ඒක ඊට වඩා අඩුවෙන්න ඕනේ.. අනෙක කිලෝ මීටර 2 ක් දුර, අපේක්‍ෂිත කාලය අනුව විනාඩි 8 යි තත්ත්පර 10 ට වඩා අඩුවෙන් දුවන්න ඕනේ” යයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.