Last Update  :  2025-04-30 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බෙංගලූරු පිල පෙරමුණට එයි

බෙංගලූරු පිල පෙරමුණට එයි

editorial - 2025 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග 46 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ලකුණු 14 ක් ලබා සිටින රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමත්ව සිටියි. මෙතෙක් සහභාගි වූ තරග 10 න් 7 ක් ජයගෙන සිටින බෙංගලූරු ක්‍රීඩකයන් පරාජයට පත්ව ඇත්තේ තරග 3 ක් පමණි. 

බෙංගලූරු කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (27 වැනිදා) දිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුවය. එතෙක් ඔවුන් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ අතර එහි පෙරමුණ ගෙන සිටියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමය. 

ගුජරාට් ටයිටන්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් තරග 6 බැගින් ජය ගෙන ලකුණු 12 බැගින් ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගය අනුව ගුජරාට් කණ්ඩායම දෙවැනි ස්ථානයටත්, මුම්බායි කණ්ඩායම තෙවැනි ස්ථානයටත්, දිල්ලි කණ්ඩායම සිවුවැනි ස්ථානයටත් පත්ව සිටියි. 

පන්ජාබ් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් පිළිවෙලින් ලකුණු 11 ක් සහ 10 ක් බැගින් ලබා ලකුණු සටහනේ පස්වැනි සහ හයවැනි ස්ථානවල පසුවන අතර කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් පිළිවෙලින් ලකුණු 7 ක් සහ 6 ක් බැගින් ලබා එහි හත්වැනි සහ අටවැනි ස්ථානවල රැදී සිටිති. 

රාජස්ථාන් රොයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් පිළිවෙලින් නමවැනි සහ දහවැනි ස්ථානවල පසුවන අතර ඔවුන් තරග 2 බැගින් ජයගෙන ලකුණු 4 බැගින් ලබා සිටියි. කෙසේ වුවත් තවමත් මෙම කණ්ඩායම් 10 ටම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව පවතී. 

මේ වන විට බෙංගලූරු කණ්ඩායමේ විරාට් කෝලි තරග 10 කදී අර්ධ ශතක 6 ක් සමග ලකුණු 443 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවන අතර එම කණ්ඩායමේම ජොෂ් හෙසල්වුඩ් තරග 10 කදී කඩුලු 18 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ රැදී සිටියි. 

 

 

-036


අදහස් (0)

බෙංගලූරු පිල පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.