Last Update  :  2024-05-15 14:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බුද්ධි අංශ නිලධාරීන් 70 ක් පල්ලෙකැලේ

බුද්ධි අංශ නිලධාරීන් 70 ක් පල්ලෙකැලේ

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි තරගයට බුද්ධි අංශ නිලධාරීන් 70 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව වාර්තා විය.

මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන අවස්ථාවලදී කණ්ඩායම් දෙකේ ආරක්‍ෂාව පිළිබඳව අවධානයෙන් සිටීමට බුද්ධි අංශ නිලධාරීන් 25 ක් පමණ යොදවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සී.සී.ටී.වී. දර්ශන නැරඹුම් මැදිරියේ සහ විශේෂ ස්ථාන කීපයක බුද්ධි අංශ නිලධාරීන් ස්ථානගත කර ඇති බවත් එම නිලධාරීහූ තරග අවසන් වන තෙක් එහි රාජකාරි කරන බවත් වාර්තා වේ.

ක්‍රීඩාංගණයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ ඇමැති ආරක්‍ෂක කොට්ඨාසයේ නිලධාරීන් 500 ක් පමණ යොදවා තිබේ.


අදහස් (0)

බුද්ධි අංශ නිලධාරීන් 70 ක් පල්ලෙකැලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.