ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගය ලෙස බැංගලෝර්හි චින්නස්වාමි ක‍්‍රීඩාංගණයේදී අද (04) රාත‍්‍රී පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 4 කින් සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කිරීමට සමත් විය.
බැංගලෝර් පිතිකරුවෝ ලකුණු 156 ක ඉලක්කය ඕවර 19.5 කදී කඩුලූ 6 ක් දැවී සම්පූර්ණ කළහ.දකුණු අප‍්‍රිකානු ප‍්‍රවේගකාරි පිතිකරු ඒ. බී. ඩිවිලියස් පන්දු 41 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 89 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
බැංගලෝර් පිල ලකුණු 59 කට කඩුලූ 4 ක් දැවී තරමක අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටියදී ඩිවිලියස් මෙම අනගි ඉනිම ක‍්‍රියාත්මක කරමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ආවේය.
අවසන් ඕවර දෙකට ලකුණු 28 ක් රැුස්කිරීමට තිබියදී ඬේන් ස්ටෙයින් යැවූ ඉනිමේ 19 වැනි ඕවරයට ඒ. බී. ඩිවිලියස් සහ මිචෙල් ස්ටාක් ලකුණු 24 ක් (6,6,1,1,4,6) රැස් කරමින් ජයග‍්‍රහණය පහසු කළහ. ඉන් ලකුණු 23 ක්ම ඩිවිලියස් රැුස්කිරීම කැපී පෙනුණි.
ක‍්‍රිස් ගේල් පන්දු 19 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 27 ක් රැස් කළේය. බැංගලෝර් පිලේ ප‍්‍රබලතම පිතිකරු වන නායක විරාට් කෝලි ලකුණු නොලබා දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය.
ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ඬේවිඞ් වෝනර්, හයිද්‍රාබාද් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 49 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 61 ක් රැස් කිරීමට සමත් විය.
ශීකර් දාවන් සහ ඬේවිඞ් වෝනර් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 62 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ලකුණු 155 ක් දක්වා යෑමට අඩිතාලම දැමූහ.
ශිකර් දාවන් පන්දු 36 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 37 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. ශයිද්‍රාබාද් පිලේ පළමු කඩුල්ල ලෙස ඒරන් ෆින්ච් පන්දු 8 කදී ලකුණු 13 ක් ලබා සිටියදී දැවී ගියේය.
අශෝක් ඩින්දා සිය දෙවැනි ඕවරයේදී ලෝකේෂ් රාහුල් (06) පිටියෙන් ඉවත් කරමින් ලකුණු 29 ට කඩුලූ දෙකක් බවට පත් කිරීමට සමත් විය. බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය.
මෙම තරගයේදී පළමු වරට බැංගලෝර් පිලට දකුණු අප‍්‍රිකානු යොවුන් පිතිකරුවකු වන රිලී රොසොව් ක‍්‍රීඩා කරන අතර ඇල්බි මෝර්කල්ට ස්ථානය අහිමිවිය. 24 හැවිරිදි වමත් පිතිකරු රිලී රොසොව්, දකුණු අප‍්‍රිකානු ජාතික පිල නියෝජනය කර නොමැති අතර ඔහුගේ පළමු අයි.පී.එල්. තරගය ද මෙය වේ.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 155 (ඒරන් ෆින්ච් 13, ශීකර් දාවන් 37, ඬේවිඞ් වෝනර් 61, නාමන් ඕජා 15, මිචෙල් ස්ටාක් 21/2, වරුන් ඇරොන් 33/2)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 19.5 කදී කඩුලූ 6 ට 158 (ක‍්‍රිස් ගේල් 27, රිලී රොසොව් 14, ඒ. බී. ඩිවිලියස් නොදැවී 89, යුවරාජ් සිං 14, කරන් ශර්මා 17/3, බුවනේෂ්වර් කුමාර් 16/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.