අන්තර් පළාත් 23 න් පහළ ක්රිකට් තරගාවලියේ අද (27 වැනිදා) අවසන්වූ තරගයකදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනිමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සමත් විය.
බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම වෙනුවෙන් කවින් බණ්ඩාර (144) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නුවන් තුෂාර (13/5) සහ දුවිඳු තිලකරත්න (62/5) කඩුලු පහ බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ බිනුර ප්රනාන්දු ඉනිම දෙකෙහිදී ලකුණු 46 කට කඩුලු 7 ක් දවාගනිමින් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම ජයග්රහණය කරා රැගෙන යාමට දායක විය.
නැගෙනහිර පළාත - පළමු ඉනිම - ඕවර 21.1 කදී සියලුදෙනා දැවී 64
(වොෂාන්ත ද සිල්වා 25, නුවන් තුෂාර 13/5, බිනුර ප්රනාන්දු 26/4)
බස්නාහිර (උතුර) - පළමු ඉනිම - ඕවර 61.1 කදී කඩුලු 9 ක් දැවී 282
(කවින් බණ්ඩාර 144, සලිඳු උශාන් 50, සම්බු අෂාන් 29, සංජික රිද්ම 50/4, රමේෂ් නිමන්ත 56/2, නිමේෂ් විමුක්ති 61/2)
නැගෙනහිර පළාත - දෙවැනි ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී 218
(රමේෂ් නිලන්ත 79, සචින්ත ජයතිලක 59, රමිඳු නිකේෂල 22, දුවිඳු තිලකරත්න 62/5, බිනුර ප්රනාන්දු 40/3)
බස්නාහිර (උතුර) - දෙවැනි ඉනිම - ඕවර 2.2 කදී කිසිවකු නොදැවී 04
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.