Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බවුමා ගෙදර යයි

බවුමා ගෙදර යයි

editorial - 2021 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිය දකුණු අතේ මහපටැඟිල්ලේ අස්ථියක් පිපිරීයාම හේතුවෙන් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමිව යනු ඇත. සිය වෛද්‍යවරුන් හමුවීම සඳහා ටෙම්බා බවුමා හැකි ඉක්මනින් දකුණු අප්‍රිකාව බලා යනු ඇත.

එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙකේදී දකුණු අප්‍රිකානු පිලේ නායකයා වශයෙන් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහාරාජ් කටයුතු කිරීමට නියමිත වුවද විස්සයි20 තරගාවලියේ නායකයා කවුරුන්ද යන වග තීරණය කිරීම සඳහා තේරීම් කමිටුව රැස්වනු ඇත.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (2 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේ 26 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයකු වීසිකළ පන්දුවක් වැදීමෙන් බවුමාගේ මහපටැඟිල්ල තුවාල විය. මෙම සිදුවීමෙන් ඕවර 2 කට පසුව වේදනාව ඉවසාගත නොහැකිවූ බවුමා (නොදැවී 38) පිටියෙන් ඉවත්ව ගිය අතර නැවත පන්දුවට පහරදීමට නොපැමිණියේය.

බවුමා පිටියෙන් ඉවත්ව යන විට ආරම්භක පිතිකරු ඒඞ්න් මාක්‍රම් සමගින් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 106 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය දෙසට ගෙනයමින් සිටියේය.
පළමු වරට දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිවූ කේෂව් මහාරාජ් මේ අනුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින නායකත්වයට පත්වූ 17 වැනි බවට පත්වන්නේය.

දෙවැනි එක්දින තරගය හෙට (4 වැනිදා) පැවැත්වෙන අතර තෙවැනි සහ අවසන් එක්දින තරගය 7 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. විස්සයි20 තරගාවලිය 10, 12 සහ 14 යන දිනයන්හිදී ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 


අදහස් (0)

බවුමා ගෙදර යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.