Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බදුරලිය පරදා ලකුණු 12 ක ජයක් පානදුරට

බදුරලිය පරදා ලකුණු 12 ක ජයක් පානදුරට

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර නගරසභා ක‍්‍රීඩාංගණයේ පැවැති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවැති තරගයේදී බදුරලිය කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 12 කින් ජය ගැනීමට පානදුර කී‍්‍රඩා සමාජය අද සමත්විය.

බදුරලිය කී‍්‍රඩා සමාජය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට පානදුර කී‍්‍රඩා සමාජය ආරාධනා කළ අතර  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 204 ක් පමණි. චරිත බුද්ධික (62) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය කී‍්‍රඩා සමාජයට  ඕවර 46.2 කදී සියලූ දෙනාම දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 192 ක් පමණි. ප‍්‍රසාද් ඩයස් (67) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත්විය.

පානදුර  ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 204
(චරිත බුද්ධික 62, නලින් විමුක්ති 35, තිලාන් තුෂාර 33/3, සමන් ජයන්ත 24/2)

බදුරලිය  ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 192
(ප‍්‍රසාද් ඩයස් 67, ජනිෂ්ක පේ‍්‍රමසිංහ 31, ගයාන් සිරිසෝම 20/3)


අදහස් (0)

බදුරලිය පරදා ලකුණු 12 ක ජයක් පානදුරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.