Last Update  :  2025-08-03 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශයට 4-1 ක ජයක්

බංග්ලාදේශයට 4-1 ක ජයක්

editorial - 2021 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු 38 ක් ඇතුළතදී ඕස්ට්‍රේලියානු පිලේ කඩුලු 8 ක් බිමදැමූ බංග්ලාදේශ දඟ පන්දු යවන්නෝ ඩකා නුවරදී අද පැවැති පස්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී ලකුණු 60 ක විශිෂ්ට ජයක් කරා තම පිල කැඳවාගෙන ගියහ. ලකුණු 123 ක ඉලක්කයක් කරා යමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම වරෙක කඩුලු 2 ක් දැවී ලකුණු 38 ක් ලබා සිටි නමුත් ඕවර 6.2 ක් ඇතුළතදී කඩුලු 8 ක් අහිමි කරගත්තේ සිය ඉනිම ලකුණු 62 කට සීමා කරගනිමිනි.

සකිබ් අල් හසන් (09/4), මොහොමඩ් යසිෆුඩීන් (12/3) සහ මහමදුල්ලා (09/1) ඕස්ට්‍රේලියානු පිලේ අවසන් කඩුලු 8 බෙදාහදා ගත්හ.

මෙම ජයත් සමගින් විස්සයි-20 තරගාවලිය අවසන් වූ අතර බංග්ලාදේශයට 4-1 ක තරගාවලි ජයක් ලැබිණ.

පිතිකරුවන්ට නරාවළක් වූ ඩකා තණතීරුවේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලබාගත්තේ ලකුණු 122 කි. කිසිම පිතිකරුවකුට ලකුණු 25 ඉක්මවා යා නොහැකි විය. එහෙත් තරගය දිගහැරෙද්දී තත්ත්වය වඩාත් නරක අතට හැරුණේ ලකුණු සොයා යාම කළුනික සොයා යාමක් වැනි වූ හෙයිනි.


බංග්ලාදේශය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 122
(මෙහෙදි හසන් 13, මොහොමඩ් නයිම් 23, සකිබ් අල් හසන් 11, සෞම්‍යා සාකර් 16, මහමදුල්ලා 19, අසිෆ් හොසේන් 10, නේදන් එලිස් 16/2, ඩෑන් ක්‍රිස්ටියන් 17/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 13.4 කදී සියලු දෙනා දැවී 62
(මැතිව් වේඩ් 22, බෙන් මැක්ඩමොට් 17, සකිබ් අල් හසන් 09/4, මොහොමඩ් යසිෆුඩීන් 12/3)

- 213

 


අදහස් (0)

බංග්ලාදේශයට 4-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.