Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියට තවමත් සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබී නැති බව වාර්තාවේ. එම තත්ත්වය අනුව බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආංචි මාර්ග සඳහන් කරයි.
බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ පසුගිය සතියේ ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වුවද මේ දක්වා ලැබී නොමැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී ඔහු පවසා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශ සමඟ තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බවයි.
“බංග්ලාදේශ සංචාරයේ ඉදිරි කටයුතු කරන්න අපිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ ලැබිය යුතුයි. නමුත් සඳහා අපි අඛණ්ඩව සාකච්ඡා කරනවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ඔක්තෝබර් මස මුල ආරම්භ කිරීමට නියමිත ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලියේ තරග කාලසටහන හෝ මේ දක්වා ප්‍රසිද්ධ කර නොමැත. එහෙත් ශ්‍රී ලංකාවේදී වැඩිදුර පුහුණුවීම් කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අවසන් සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන බව ප්‍රකාශ කර තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.