Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ දෙවැනි අදියර සඳහා ලියාපදිංචි වී සිටින සකීබ් අල් හසන් ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනෙකු එම තරගාවලිය සඳහා නිදහස් කිරීමට නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියක් ඇති බැවින් ඔවුන් (බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්) එල්.පී.එල් තරගාවලිය ආරම්භයේ සිටම නිදහස් කළ නොහැකි බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති අක්‍රම් ඛාන් මහතා තහවුරු කරයි.
“අපට තවත් තරගාවලි කිහිපයක් පෙළ ගැසී තියෙනවා. නමුත් මේ අතර යම් කාලයක් තිබෙනවා. ඔවුන්ට එම අවස්ථාවේ එල්.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන්න පුලුවන්” යයි අක්‍රම් ඛාන් මහතා පැවසීය.
බංග්ලාදේශයේ තුන් ඉරියව් ක්‍රීඩක සකිබ් අල් හසන්, ටමීම් ඉක්බාල්, මහමුදුල්ලා, මෙහිදි හසන්, ටස්කින් අහමඩ්, ලිටන් දාස් සහ සෞම්‍යා සර්කාර් එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අදියර සඳහා ලියාපදිංචිවී සිටිති.
එල්.පී.එල් තරගාවලිය මේ මස ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. එම කාලසීමාවේදීම එනම් අගෝස්තු 2 සිට 8 දක්වා පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම බංග්ලාදේශයට පැමිණීමට නියමිතව ඇත.
ඕස්ට්‍රේලියානු තරගාවලියෙන් පසුව ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සූදානම්වීමේ අරමුණින් නවසීලන්තය සහ එංගලන්තයට එරෙහිව තරගාවලි දෙකක් සඳහාද බංග්ලාදේශය සත්කාරකත්වය දරයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.