Last Update  :  2025-06-28 12:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

එළබෙන ජූනි සහ ජූලි මාසවලදී ටෙස්ට් තරග 2 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත තරගාවලි මාලාවකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටියි. 

ඒ අනුව ජූනි මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම ජූනි 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ලේදී පළමු ටෙස්ට් තරගයටද, ජූනි මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා කොළඹදී දෙවැනි ටෙස්ට් තරගයටද සහභාගි වීමට නියමිතය. 

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ මුල් තරග දෙක ජූලි මස 2 වැනිදා සහ 5 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර අවසන් තරගය ජූලි මස 8 වැනිදා පල්ලෙකැලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරග 3 ම දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතය. 

විස්සයි-20 තරගාවලියේ පළමු තරගයද ජූලි මස 10 වැනිදා පල්ලෙකැලේදීම පැවැත්වෙන අතර එහි දෙවැන්න 13 වැනිදා දඹුල්ලේදීද, තෙවැන්න 16 වැනිදා කොළඹදීද පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එම තරග 3 ම පස්වරු 7.00 ට ආරම්භ වනු ඇත. 


ටෙස්ට් තරගාවලිය
ජූනි 17 සිට 21 දක්වා - පළමු ටෙස්ට් තරගය - ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 
ජූනි 25 සිට 29 දක්වා - දෙවැනි ටෙස්ට් තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී 

එක්දින තරගාවලිය
ජූලි 2 වැනිදා - පළමු එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 
ජූලි 5 වැනිදා - දෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 
ජූලි 8 වැනිදා - තෙවැනි එක්දින තරගය - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 

විස්සයි-20 තරගාවලිය
ජූලි 10 වැනිදා - පළමු එක්දින තරගය - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 
ජූලි 13 වැනිදා - දෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 
ජූලි 16 වැනිදා - තෙවැනි එක්දින තරගය - කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී 


අදහස් (0)

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.