කොළඹ මහානාම විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 11 වැනි ’රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඩී. එස්. සේනානායක විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 62 ක් ලබා සිටියේය.
ඒ අනුව ඩී. එස්. සේනානායක විදුහල තවත් කඩුලු 6 ක් අතැතිව මහානාම විදුහලට වඩා ලකුණු 209 ක් පසු පසින් සිටියි.
කාසියේ වාසිය දිනූ ඩී. එස්. සේනානායක විදුහලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහානාම විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවා ඩී. එස්. සේනානායක විදුහලට පන්දුවට පහරදීමේ අවස්ථාව ලබ දුන්නේය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ බිෂාන් මෙන්ඩිස් (74) සහ මලිඳු මදුරංග (70) මහානාම විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර ශතකය සම්පූර්ණ කිරීමට පෙර ඔවුන් දෙදෙනාම ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියහ.
ඩී. එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර ලකුණු 100 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලු 9 ක් දැවී 271
(බිෂාන් මෙන්ඩිස් 74, මලිඳු මදුරංග 70, නිදුක වැලිකල 41, විහන් මුදලිගේ නොදැවී 37, කවිඳු මුණසිංහ 22, විහන් ගුණසේකර 100/6, මුදිත ලක්ෂාන් 83/2)
ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 22 කදී කඩුලු 4 ක් දැවී 64
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.