Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ පෝල් ෆාබ‍්‍රාසස් මහතා එංගලන්ත පිලේ සහාය පුහුණුකරුවා වශයෙන් එක්වීම ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරයේද තමන්ට ඇති ප‍්‍රබලතම අභියෝගය බවද සනත් ජයසූරිය මහතා පැවසීය.
”ඔහු අපේ හැම දෙයක්ම දන්නවා. අපි තරග කරන විදිය, අපේ උපක‍්‍රම, අපි පුහුණු වෙන ආකාරය, කී‍්‍රඩකයන්ගේ හැකියාවන්,..දුර්වලතා..වගේ මේ හැම දේම ඔහු දන්නවා”
”අපි ඉතාමත් සාර්ථක කණ්ඩායමක්. මේක තමයි අපට මේ තරගාවලියේදී තියෙන අභියෝගය. ඒත් මා හිතනවා අපේ කණ්ඩායමත් පුහුණුකරුවන් සියලූ දෙනාත් එක්වෙලා මේ තත්ත්වයට විසඳුමක් ගෙනේවි කියලා” යයිද ජයසූරිය මහතා පැවසීය.
පෝල් ෆාබ‍්‍රාසස් මහතා එංගලන්ත කණ්ඩායමේ සහාය පුහුණුකරු තනතුර සඳහා පත්කරන ලද බව ඊයේ අන්තර්ජාතික මාධ්‍ය සේවා වාර්තා කළේය. අයර්ලන්ත සහ එංගලන්ත සංචාර සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම මැයි මස 2 වැනිදා පිටත්ව යයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.