Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිරන් පොලාඩ්ගේ (නොදැවී 51) පිතිහරඹයත්, ඩ්වයින් බ්‍රාවෝගේ (19/4) පන්දු යැවීමත් හමුවේ දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශාන්ත ජෝජස් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි විස්සයි20 තරගය ලකුණු 21 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය. එම ජයත් සමගින් තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-2 ක් ලෙස සම කර ගැනීමටද කොදෙව් පිලට හැකි විය.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ ඔව්හු කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් රැස්කළහ.
ආරම්භක පිතිකරු ලෙන්ඩ්ල් සිමන්ස් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් රැස්කරමින් කොදෙව් පිලට සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ. නමුත් සෙසු මුල් පෙළ සහ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වනවිට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ කිරන් පොලාඩ් පන්දු 25 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් කොදෙව් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.
ෆේබියන් ඇලන් සමගින් එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 27 කදී ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට කිරන් පොලාඩ් සමත්විය.
තාබ්‍රේස් ශම්සි ලකුණු 13 කට කඩුලු 2 ක් සහ ජෝර්ජ් ලින්ඩ්ලේ ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිලට ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.
ආරම්භක පිතිකරු කුයින්ටන් ඩි‘කොක් පන්දු 43 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 60 ක් රැස්කරමින් ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දමා දුන්නද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් පරාජව වැළඳ ගැනීමට දකුණු අප්‍රිකානු පිලට සිදුවිය.
ඩ්වයින් බ්‍රාවෝ විශිෂ්ට පන්දු යැවීමක නිනරතවූ ඩ්වයින් බ්‍රාවෝ සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත්තේය. ඔන්ඩි්‍ර රසල් ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගනිමින් කොදෙව් පිලේ ජයග්‍රහණයට දායක විය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 167
(ලෙන්ඩ්ල් සිමන්ස් 47, කිරන් පොලාඩ් නොදැවී 51, තාබ්‍රේස් ශම්සි 13/2, ජෝර්ජ් ලින්ඩ්ලේ 16/2)
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 146
(කුයින්ටන් ඩි‘කොක් 60, ඒඩ්න් මාක්‍රම් 20, ඩ්වයින් බ්‍රාවෝ 19/4, ඔන්ඩි්‍ර රසල් 30/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.