Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෙනි පෙනී තිබූ ජය ඉන්දියානුවෝ උදුරා ගනිති

පෙනි පෙනී තිබූ ජය ඉන්දියානුවෝ උදුරා ගනිති

editorial - 2021 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අබිමුව පෙනි පෙනී තිබූ ජයග්‍රහණය ඉන්දියානුවන් විසින් උදුරා ගන්නා ලදි. පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමට එක්වූ නමුත් අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක අඛණ්ඩ සමබන්ධතාවක් ගොඩනැංවූ දීපාක් චහාර් (නොදැවී 69) සහ බුවනේෂ්වර් කුමාර් (නොදැවී 19) ඉන්දීය පිල ජයටැඹ කරා කැඳවාගෙන ගියහ.

මෙම තරගයේදී ලබාගත් කඩුලු 3 ක ජයග්‍රහණයත් සමගින් තරග 3 කින් සමන්විත තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියානුවෝ තරගාවලිය ජයගත්හ.

තරගයේ පාලනය තදින්ම ග්‍රහණය කරගෙන සිටි මොහොතක, ලක්ෂාන් සඳකැන් පන්දු යැවීමට කැඳවීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අබිමුව පෙනි පෙනී තිබූ ජයග්‍රහණය උදුරාගැනීමට ඉන්දීය පිලට අවස්ථාවක් වූයේය. සඳකැන්ගේ අවසන් ඕවර දෙකේදී ලකුණු 16 ක් උදුරාගත් ඉන්දිය පිතිකරුවෝ ජයග්‍රහණය සඳහා පන්දු 60 කින් අවශ්‍යව තිබූ ලකුණු 67, පන්දු 48 කදී ලකුණු 51 ක් සේ තමන්ගේ වාසියට හරවා ගත්හ. අවසන් ඕවර දෙක යැවීම සඳහා සඳකැන් කැඳවන ලද්දේ ඒ වන විට ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි  චාමික කරුණාරත්න (6-1-26-1) සහ ධනංජය ද සිල්වා (3-0-10-0) දෙදෙනාට ඕවර 11 ක් ඉතිරිව තිබියදීය.

පන්දු 24 කින් ලකුණු 29 ක් අවශ්‍ය වූ ඉන්දියානුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන්ම පන්දුවට පහර දීම තෝරා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දු (50) සහ චරිත් අසලංකගේ (65) අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 275 ක් රැස්කිරීමට සමත්විය. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාගත් අතර මංගල එක්දින අර්ධ ශතකය ලබාගත් චරිත් අසලංක පන්දු 68 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 65 ක් ලබාගත්තේය.

පළමු තරගයේදී මෙන්ම අද දිනයේදී පළමු කඩුල්ල සඳහා සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආරම්භක පිතිකරුවන්වූ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුක සමත්වූහ. පළමු කඩුල්ල සඳහා පන්දු 80 කදී ලකුණු 77 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමාදීමට ඔව්හු සමත්වූහ. පළමු කඩුල්ල ලෙස ලකුණු 36 ක් ලබාසිටි මිනෝද් භානුක දැවී ගිය අතර ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණි භානුක රාජපක්ෂ පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

පසුපෙළ පිතිකරු චාමික කරුණාරත්න ධෛර්යවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 33 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූ අතර ධනංජය ද සිල්වාද ලකුණු 32 ක් ලබාගනිමින් ඊට දායක විය. අවසන් ඕවර 10 තුලදී කඩුලු 3 ක් අහිමිකරගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 80 ක් රැස්කරමින් ඉන්දීය පන්දු යවන්නන් පීඩාවට පත්කිරීමට සමත්වූහ.

යුස්වේන්ද්‍ර චාහල් සහ බුවනේශ්වර් කුමාර් කඩුලු 3 බැගින්ද දීපක් චාහර් කඩුලු 2 ක් ද දවාගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජනයක් වූහ.

තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය 23 වැනිදා පැවැත්වේ. එයද දිවා/රාත්‍රී තරගයකි.

චරිත් අසලංක...

 

මිනෝද් භානුක....

 

අවිශ්ක ප්‍රනාන්දු...

 

බුවනේෂ්වර් කුමාර් ...

 

චාමික කරුණාරත්න...

 

යුස්වේන්ද්‍ර චාහල් කඩුල්ලක් ලබා...

 


අදහස් (1)

පෙනි පෙනී තිබූ ජය ඉන්දියානුවෝ උදුරා ගනිති
  • බද්රානි Wednesday, 21 July 2021 12:20 AM

    මේ අසමත් ජාතියට ලෝකයා ඉදිරියේ පරාජයන් හා අවමානයන් හැර වෙන කිසිවක් උරුම නැත. ඉන්දියන් ක්‍රීඩකයින්ට ජයවේවා! මේ ගෝත්‍රිකයින්ට ගැලපෙන්නේ, කඹ ඇදීමේ ක්‍රීඩාව සහ කොට්ටපොරය පමණයි. එක අතකට අමනයින්ට කොහොමද මහත්වරුන්ගේ ක්‍රීඩාව සුදුසු වන්නේ? ක්‍රිකට් ක්‍රීඩාවේ සිටි මහත්වරුන්ව මේ අමනයින් පයින් ගහලයි එළවා ගත්තේ..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.