Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නිල වශයෙන් නම් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායකයකු වන උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල තේරීම් කමිටුවට ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් ඇතුළත්ව සිටිති.
ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන් පස්දෙනා අතුරින් තිදෙනකු තවමත් ක්‍රියාකාරීව සිටින පළමු පෙළ ක්‍රීඩකයන් වන අතර ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන සහ ඩිල්රුවන් පෙරේරා යන තිදෙනාම ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කළෝ වෙති.
මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන තේරීම් කමිටු සභාපති උපුල් තරංග 2019 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගයකදී අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. එහෙත් හරියටම මාසයකට ඉහතදී (නොවැම්බර් 10 වැනිදා) පැවැති පළමු පෙළ තරගයකදී එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කළ අතර තවමත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැත. පසුගිය ජූනි මාසයේදී ඔහු එන්.සී.සී. කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි-20 තරගාවලියට සහභාගි වූයේය.
තවත් තේරීම් කමිටු සාමාජිකයකු වන ඉන්දික ද සේරම් පානදුර ක්‍රීඩා සමාජයේ අංක 6 පිතිකරුවා වන අතර ඔහු කණ්ඩායමේ නායකයා මෙන්ම පුහුණුකරුවා ද වෙයි. මේ මස මුල් සතියේදී සී.සී.සී. පිලට එරෙහිව පැවැති පළමු පෙළ තරගයේදීත් ඉන්දික ද සේරම් පානදුර පිලේ නායකත්වය දරමින් ක්‍රීඩා කළේය.
තවත් තේරීම් කමිටු සාමාජිකයකු වන ඩිල්රුවන් පෙරේරා ද 2021 දී අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත් නමුත් බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ නායකත්වය දරමින්, තවමත් පළමු පෙළ තරග වලට සහභාගි වන ක්‍රීඩකයෙකි. ඩිල්රුවන් පසුගිය නොවැම්බර් 17 වැනිදා කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව පැවැති පළමු පෙළ තරගයේදීත් බී.ආර්.සී. පිලට නායකත්වය දෙමින් කඩුලු 4 ක් දවාගත්තේය.
කෙසේ වෙතත් 1973 ජාතික ක්‍රීඩා පනතේ ප්‍රධානතම වගන්ති වලට අනුකූලව පුහුණුකරුවන් ජාතික තේරීම් කමිටුවකට පත්කළ නොහැකිය. අනෙක් අතට ක්‍රීඩාවෙන් සමුගෙන නැති අයවලුන් තේරීම් කමිටුවට පත්කළ හැකිද යන්න පිළිබඳවත් ඇත්තේ බරපතළ කුකුසකි.
1968 දී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු මංගල එංගලන්ත සංචාරය, ආරම්භ වීමටත් පෙරම, අවලංගු කර දැමීමට ක්‍රීඩා ඇමතිවරයාව සිටි වී. ඒ. සුගතදාස මහතාට සිදුවූයේ සෑම් අබේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවේ සිටි ධනසිරි වීරසිංහ සහ එච්.අයි.කේ ප්‍රනාන්දු දෙදෙනා මුලින්ම තම තමන්ව කණ්ඩායමට ඇතුළත් කරගත් බැවිනි.
1963 සිටම ඉතාමත් සාර්ථක නායකයකු වූ මයිකල් තිසේරා උප නායකත්වයට ඇද දමමින් 1968 එංගලන්ත සංචාරය සඳහා එච්.අයි.කේ, ප්‍රනාන්දු නායකත්වය තමන්ම බාරගත්තේය. මෙම අලජ්ජී තෝරාගැනීම පිළිකුල් කළ තේරීම් කමිටුවේ සිටි අනෙක් සාමාජිකයා වූ සී.ටී.ඒ. (චන්ද්‍රා) ශාෆ්ටර් මහතා තේරීම් කමිටු රැස්වීමෙන් නැඟිට යන්නට ගියේය.
2023 දෙසැම්බර් 11 වැනිදා (සඳුදා) රැස්වූ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නම් 10 න් නම් 7 ක් අනුමත කර තිබූ බව වාර්තා වේ. ඔවුන් විසින් අනුමත කරන ලද නම් 7 න්, උපුල් තරංග සභාපතිවරයා ලෙසත්, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් තේරීම් කමිටු සාමාජිකයන් ලෙසත් පත් කිරීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇත.
නව තේරීම් කමිටුව පත්කිරීමත් සමගම හිටපු තේරීම් කමිටුව අහෝසි වී යනු ඇත.
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2021 අප්‍රේල් මාසයේදී පත් කරන ලද සය පුද්ගල තේරීම් කමිටුවට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (සභාපති), රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, උවයිසුල් කර්නයින් සහ තිලකා නිල්මිණි ගුණරත්න යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.