Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණුකරුවන් සොයා පළකළ දැන්වීමට දුර්වල ප‍්‍රතිචාර

පුහුණුකරුවන් සොයා පළකළ දැන්වීමට දුර්වල ප‍්‍රතිචාර

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට පුහුණුකරුවකු තෝරා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම මේ මස 7 වැනිදායින් අවසන් වීමට නියමිතය. මෙම තනතුර ශී‍්‍ර ලාංකීය සහ විදෙස් පුහුණුකරුවන් සඳහා විවෘත වන අතර මේ වන විටත් අයැදුම්පත් 6 ක් පමණ ලැබී ඇති බවත් වාර්තාවේ.

සිම්බාබ්වේ කි‍්‍රකට් කී‍්‍රඩාවට ටෙස්ට් තත්ත්වය දිනා දුන් කී‍්‍රඩකයන් වූත්, පසුව කි‍්‍රකට් පුහුණුකරුවන් වශයෙන් ලොව දස අත නම රැන්දු ඬේවිඞ් හවුටන්, ඇන්ඩි ෆ්ලවර් සහ ඩන්කන් ෆ්ලෙචර්ද, කලකට ඉහතදී කි‍්‍රකට් ලෝකයේ සිටි ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වූ ස්ටීවන් ෆ්ලෙමින්, හීත් ස්ටී‍්‍රක්, ටොම් මූඩි සහ ජෝන් රයිට්ද පුහුණුකරුවන් වශයෙන් ලෝකය පුරා නමක් දිනා සිටින ශී‍්‍ර ලාංකිකයන් වන රෝයි ඩයස්, මාවන් අතපත්තු සහ චන්දික හතුරුසිංහද මෙම තනතුර සඳහා ඉදිරිපත් වනු ඇතැයි අපේක්‍ෂා කෙරිණ.

එසේ වුවත් ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබෙන පරිදි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ දැන්වීමට ලැබී ඇත්තේ ඉතාමත් දුර්වල ප‍්‍රතිචාරයකි.

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා සම්බන්ධ දේශපාලන බලපෑම් පිළිබඳ දන්නා අය මෙම තනතුර සඳහා ඉදිරිපත් නොවෙතැයි කි‍්‍රකට් නිලධාරීන් ඇතැමකුගේ මතය වන අතරම ප‍්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශී‍්‍ර ලාංකිකයකු වෙනුවට විදේශිකයකු පත්කර සහාය පුහුණුකරු තනතුර සඳහා ශී‍්‍ර ලාංකිකයකු පත්කරගැනීමට කි‍්‍රකට් විධායක කමිටු නිලධාරීන් බහුතරයකගේ කැමැත්ත හිමිවී ඇතැයිද දැනගන්නට තිබේ.

එංගලන්ත ජාතිකයකු වන පෝල් ෆාබ‍්‍රාස් මහතාත්, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු අභ්‍යාසකවරයකු සහ හිටපු පන්දු රැුකීමේ පුහුණුකරුවකුද ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා අයැදුම්පත් එවා ඇතැයි දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට්හි වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ පුහුණුකරුවන් සඳහා අයැදුම් කළ අයගේ නම් හෙළි කළ නොහැකි නමුත් අයැදුම්පත් බාර ගැනීම 7 වැනිදා දක්වා තිබෙන හෙයින් තවත් අයැදුම්පත් අපේක්‍ෂා කරන බවත්ය.

අයැදුම්පත් බාරගැනීම අවසන් වීමෙන් පසුව එම අයැදුම්පත් සම්බන්ධයෙන් සලකා බලා කිහිපයක් පමණක් තෝරා ගෙන සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවනු ඇත.


අදහස් (1)

පුහුණුකරුවන් සොයා පළකළ දැන්වීමට දුර්වල ප‍්‍රතිචාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.