Last Update  :  2025-11-12 16:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් පියවරක් ඉදිරියට

පැතුම් පියවරක් ඉදිරියට

editorial - 2025 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායම්හි නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන පැතුම් නිස්සංක, අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලකුණු 779 ක් ලබා විස්සයි-20 පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්ව ඇත. 

ඉකුත් මාසයේදී නිමාවට පත්වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවූ පැතුම්, ඉන්දීය පිතිකරු තිලක් වර්මා පසුපසට ඇද දමමින් පියවරක් ඉදිරියට පැමිණ ඇත්තේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනි. 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 6 කට ක්‍රීඩා කළ පැතුම් එහිදී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 290 ක් රැස්කිරීමට සමත් වූයේ 48.3 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ශ්‍රී ලංකාවට එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි වුවද, සුපිරි 4 දෙනාගේ වටයේ අවසන් තරගයේදී පැතුම් ලබාගත් ශතකය හේතුවෙන් එය සුපිරි ඕවරයක් දක්වා ඇදී ගියේය. 

පැතුම් සිය විස්සයි-20 ක්‍රීඩා දිවිය තුළ ලබාගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානය මෙය වන අතර මේ වන විට විස්සයි-20 පිතිකරු ලැයිස්තුවේ ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඉන්දීය ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා (ලකුණු 920) සහ එංගලන්ත ආරම්භක පිතිකරු පිල් සෝල්ට් (ලකුණු 849) පමණි. 

විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුල් පිතිකරුවන් 20 දෙනා අතර සිටින කුසල් ජනිත් පෙරේරා ලකුණු 692 ක් ලබා 7 වැනි ස්ථානයේද, කුසල් මෙන්ඩිස් ලකුණු 625 ක් ලබා 18 වැනි ස්ථානයේද පසුවෙති. ආසියානු කුසලාන තරගාවලියට පෙර 9 වැනි ස්ථානයේ පසුවූ කුසල් පෙරේරා එම තරගාවලියෙන් පසුව පියවර 2 ක් ඉදිරියට පැමිණ තිබේ.  

-036


අදහස් (0)

පැතුම් පියවරක් ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.