Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් නිස්සංක හොඳම 11 ක් අතරට

පැතුම් නිස්සංක හොඳම 11 ක් අතරට

editorial - 2021 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පළමු ලෝක ටෙස්ට් ශූරතාවලිය එහි අවසානය කරා ලඟාවෙමින් පවතින මොහොතක මෙම තරගාවලියේදී මංගල ටෙස්ට් තරගයට එක්වෙමින් දස්කම් දැක්වූ හොඳම ක්‍රීඩකන් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංකත් ඇතුළු වී තිබේ. සුප්‍රකට විස්ඩන් සඟරාව විසින් මෙම තෝරා ගැනීම කර ඇත.

මේ වනවිට 22 වැනි වියේ පසුවන පැතුම් නිශ්ශංක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් අතර එහිදී දෙවැනි ඉනිමේදී ලබාගත් ශතකයත් සමගින් තරගයේදීම ලකුණු 112 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකාවෙන් පිටතදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා පොත් අතරට එක්වීය.

විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද, මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේදී ටෙස්ට් වරම් දිනාගනිමින් දස්කම් දැක්වූ හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 4 දෙනෙක්ද, ඉන්දියාවෙන් දෙදෙනෙක්, පාකිස්තානය, ශ්‍රී ලංකාව, නවසීලන්තය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයකු බැගින්ද තේරී පත්ව සිටිති.


01. අබීඩ් අලී (පාකිස්තානය)
මේ වනවිට ටෙස්ට් තරග 10 කට ක්‍රීඩාකර ලකුණු 569 ක් ලබාගෙන ඇති අබීඩ් අලී ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 35.56 ක් ලෙස රැඳවාගෙන ඇත. ශතක 2 ක් සහ අර්ධ ශතකයක් වාර්තා කර ඇති ඔහු ඉනිමකදී ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 174 කි.

02. ෂුබ්මන් ගිල් (ඉන්දියාව)
ටෙස්ට් තරග 7 කට ක්‍රීඩාකරමින් ලකුණු 378 ක් ලබාගෙන ඇති අතර ඊට අර්ධ ශතක 3 ක් ඇතුළත්වේ. ෂුබ්මන් ගිල්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 34.36 ක් වන අතර ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 91කි.

03. නිකෲමා බෝනර් (බටහිර ඉන්දීය කොදෙව්)
ටෙස්ට් තරග 3 කදී ලකුනු 375 ක් ලබා ගෙන ඇති අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක 2 ක් ඇතුළත්වේ. කෲමාහ් බෝනර්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 75.00 ක් වන අතර ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු ප්‍රමාණය 113කි.

04. පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව)
එක් ටෙස්ට් තරගකට පමණක් ක්‍රීඩාකර කරමින් ලකුණු 112 ක් ලබාගෙන ඇති පැුතුම් නිස්සංකගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 56.00 කි. ශතකයක් ලබාගෙන ඇති පැුතුම් නිස්සංක ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු ගණන 103 කි.

05. කයිල් මේයර්ස් (බටහිර ඉන්දීය කොදෙව්)
ටෙස්ට් තරග සංඛ්‍යාව 3 ට ක්‍රීඩා කර ඇති කයිල් මේයර්ස් ලකුණු 358 ක් ලබාගෙන ඇති අතර ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුළත්වේ. ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 71.60 ක් රඳවාගෙන ඇති කයිල් මේයර්ස් ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 210කි.

06. ජොශුවා ද සිල්වා (බටහිර ඉන්දීය කොදෙව්)
ටෙස්ට් තරග ගණන 4 කදී ලකුණු 280 ක් රැස්කර ඇති ජොශුවා ද සිල්වාගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 40.00 කි. අර්ධ ශතක 2 ක් ලබාගෙන ඇති ජොශුවා ද සිල්වා ඉනිමක වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව 92 කි. කඩුලු රකින්කු වශයෙන් උඩපන්දු 10 ක් රැකගෙන ඇත.

07. රකීම් කෝන්වෝල් (බටහිර ඉන්දීය කොදෙව්)
ටෙස්ට් තරග 6 කදී කඩුලු 31 ක් දවාගෙන ඇති රකීම් කෝන්වෝල් ඉනිමකදී කඩුලු පහේ අවස්ථා දෙකක් ලබාගෙන ඇත. එක් අර්ධ ශතකයක්ද ලබාගෙන ඇති කෝන්වෝල්ගේ හොඳම පන්දු යැවීම සටහන් වන්නේ ලකුණු 75 කට කඩුලු 7 ක් ලෙසය.

08. අක්ෂර් පතෙල් (ඉන්දියාව)
ටෙස්ට් තරග 3 කදී කඩුලු 27 ක් දවාගෙන ඇති අක්සාර් පතෙල් ඉනිමකදී කඩුලු පහ බැගින් දවාගත් අවස්ථා 4 ක් වාර්තාවේ. ලකුණු 38කට දවාගත් කඩුලු 6 ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේය.

09. කයිල් ජැමීසන් (නවසීලන්තය)
ටෙස්ට් තරග 6 කදී කඩුලු 36 ක් දවාගෙන ඇති ඔහු ඉනිමකදී කඩුලු පහ බැගින් අවස්ථා 4 කදී දවාගෙන ඇත. හොඳම පන්දුයැවීම ලකුණු 48 කට කඩුලු 6 ක් ලෙස වාර්තා වන්නේය.

10. ජොෆ්රා ආචර් (එංගලන්තය)
ටෙස්ට් තරග 13 කදී කඩුලු 42 ක් දවාගැනීමට ඔහු සමත්වී ඇත. ඉනිමකදී කඩුලු 5 බැගින් අවස්තා පහේ 3 කදී දවාගෙන ඇති ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 45 කට කඩුලු 6 කි.

11. ඇන්රිච් නෝයේ (දකුණු අප්‍රිකාව)
ටෙස්ට් තරග 10 කදී කඩුලු 39 ක් දවාගෙන ඇති ඔහු අවස්ථා 3 කදී කඩුලු 5 බැගින් ලබාගෙන ඇත. හොඳම පන්දු යැවීම ලකුණු 56 කට කඩුලු 6 ක් ලෙස සටහන් වන්නේය.

 

- 2079


අදහස් (0)

පැතුම් නිස්සංක හොඳම 11 ක් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.