Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර මහානාම විදුහල සහ පාදුක්ක සිරි පියරත්න විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ‘ස්වර්ණ වර්ණ සටන’ මහ ක්‍රිකට් තරගයෙන් සිරි පියරත්න විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 108 ක ජයක් ලැබීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 229 ක ඉලක්කයක් ගිය මහානාම විදුහල් පිල ලකුණු 120 කට සීමා විය.
සිරි පියරත්න විදුහල් දෙවැනි ඉනිමේදී ප්‍රභාෂ් මධුරංග (68) සහ කවිඳු නිමේෂ් (57) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
සිරි පියරතන විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දිමුත් සම්පත් දෙවැනි ඉනිමේදී ලකුණු 47 කට කඩුලු 5 ක් සමගින් කඩුලු 8 ක් දවා ගැනීමට සමත් විය. සම්පත් මෙම කඩුලු 8 ත් සමගින් මෙම තරග වාරයේ කඩුලු 100 පසු කළේය.
සිරි පියරත්න විදුහලේ දිමුත් සම්පත් තරගයේ වීරයා ලෙස ද, ප්‍රභාෂ් මධුරංග දක්‍ෂතම පිතිකරු ලෙස ද, නඳුන් හිරුක දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද, සම්මාන ලැබූ අතර මහානාම විදුහලේ රවිඳු නෙත්පහන් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
සිරි පියරත්න විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 107
(ගොසිත සජිත 29, ප්‍රභාෂ් මධුරංග 23, අසංක මදූෂ 31/5, රවිඳු නෙත්පහන් 27/4)
මහානාම විදුහල පළමු ඉනිම සියලු දෙනා දැවී 76
(අසංක මදූෂ 26, රජිත අෂාන් 12/3, දිමුත් සම්පත් 23/3, රවිඳු කේෂාන් 12/3)
සිරි පියරත්න විදුහල දෙවැනි ඉනිම කඩුලු 9 ට 197
(ප්‍රභාෂ් මධුරංග 68, කවිඳු නිමේෂ් 57, කමිල් මිෂාර 26/4, රවිඳු නෙත්පහන් 50/3)
මහානාම විදුහල දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 120
(දිමුත් සම්පත් 47/5, රවිඳු කේෂාන් 37/3)
දිමුත් සම්පත් තරගයේ වීරයා සම්මාන ලබමින්..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.