Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානය අවසන් පූර්ව වටයට

පාකිස්තානය අවසන් පූර්ව වටයට

editorial - 2021 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොහොමඞ් රිස්වාන් (නොදැවී 79) සහ බාබර් අසාම්ගේ (70) වේගවත් පිතිහරඹයන් හමුවේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී නැමීබියාවට එරෙහිව අබුඩාබීහිදි අද (2 වැනිදා) පැවැති 31 වැනි තරගයෙන් ලකුණු 45 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්තානය සමත්විය. ඒ අනුව ක්‍රීඩා කළ තරග 4 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමටද සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය නැමීබියාවට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 144 ක් පමණි.

ක්‍රෙග් විලියම්ස් පන්දු 37 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 40 ක් ද, ඬේවිඞ් වීස් පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 43 ක් සහ ස්ටෙෆාන් බාර්ඞ් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් ලබාගත්තද සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 189 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භයේදී මන්දගාමී ලකුණු රැස්කිරීමට නිරත වූ මොහොමඞ් රිස්වාන් සහ බාබර් අසාම් අර්ධ ශතක රැස්කරමින් පාකිස්තානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත් වූහ.

මොහොමඞ් රිස්වාන් පන්දු 50 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 79 ක් ලබාගත් අතර බාබර් අසාම් පන්දු 49 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 70 ක් ලබාගැනීමට සමත්විය. තවත් වේගවත් පිතිහරඹයක නිරත වූ මොහොමඞ් හෆීස් පන්දු 16 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් ලබාගත්තේය.

බාබර් අසාම් සමගින් පළමු කඩුල්ල සඳහා පන්දු 86 කදී ලකුණු 113 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ මොහොමඞ් රිස්වාන් ඉන් නොනැවතී මොහොමඞ් හෆීස් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 26 කදී ලකුණු 67 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීය.

පළමු ඕවර 10 අවසන්වන තෙක් පාකිස්තාන පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට නැමීබියානු පන්දු යවන්නන් සමත් වුවද අවසන් ඕවර 10 තුලදී ඔවුන් මෙල්ල කර ගැනීමට අපොහොසත් වූහ.

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 189
(මොහොමඞ් රිස්වාන් නොදැවී 79, බාබර් අසාම් 70, මොහොමඞ් හෆීස් නොදැවී 32)

නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 144
(ස්ටෙෆාන් බාර්ඞ් 29, ක්‍රෙග් විලියම්ස් 40, ඬේවිඞ් වීස් නොදැවී 43)


අදහස් (0)

පාකිස්තානය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.