Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රීමා කුසලාන පළාත් තරග 27 දා සිට

ප්‍රීමා කුසලාන පළාත් තරග 27 දා සිට

රොෂාන් ගුණරත්න - 2019 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ප්‍රීමා’ කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම මස 27 වැනිදා සිට නොවැම්බර් 09 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරය එක්ව 12 වැනි වරටත් සංවිධානය කරන්නකි.

දිස්ත්‍රික් තරගාවලියේදී කණ්ඩායම් 39 ක් තරග වැදුණු අතර එම දිස්ත්‍රික් තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විත පළාත් කණ්ඩායම් 12 ක් සකස්කර තිබේ. දිස්ත්‍රික් තරගාවලියට ක්‍රීඩකයින් 600 ක් පමණ ඇතුළත්වූ අතර පළාත් තරගාවලියට ඉන් ක්‍රීඩකයින් 180 ක් තෝරාගෙන තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම මෙන්ම ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ අනුක් ප්‍රනාන්දු සහ ප්‍රියමාල් පෙරේරාද මෙම ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තම කුසලතා ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයෝ වෙති.

මෙම තරගාවලියට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇතිකරගෙන තිබූ සම්බන්ධතාවය මෙවර තරගාවලියේදී නැවතත් ශක්තිමත් වූයේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගීවූ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හී සාමාන්‍යාධිකාරී ෂුන් ටිඑන් ෂින්ග් මහතා පැවසීය.

වසර 11 ක සාර්ථකත්වය සමගින් 12 වන වසරටත් මේ තරගාවලියට දායකත්වය ලබාදීමට ලැබීම අප සමාගම ලැබූ විශාල ආශිර්වාදයක්. ප්‍රීමා ශූරයන්ගේ කුසලාන තරගාවලිය වෙනුවෙන් මෙවරත් අප ශක්තිමත් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා යැයි ෂින්ග් මහතා වැඩිදුරටත් පැවසීය.  

“හැමදාමත් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කැපවීම අපේ වගකීමක් කොට සලකමින් අනුග්‍රාහකයෙකුට එහා ගිය භූමිකාවක සිටයි අප කටයුතු කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශිෂ්ඨ පුහුණුකරුවන්ගේ මඟපෙන්වීම යටතේ ධෛර්යමත් නව යොවුන් ක්‍රීඩකයින් ඉහළම දක්ෂතා දක්වාවී.”

“දක්ෂයන් අතරින් තව තවත් දක්ෂයන් බිහිවේවා යනු අපේ ප්‍රාර්ථනාවයි. තරගාවලිය පැවැත්වෙන කාළය තුළදී තරගාවලිය සදහා සහභාගීවන ක්‍රීඩකයින්හට සම්පූර්ණ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර සපයමින්ද අවශ්‍ය ක්‍රීඩා උපකරණ නිල ඇඳුම්ද ලබාදෙමින්ද ඔවුන් ශාරීරිකව හා මානසිකවද ශක්තිමත් කිරීමට අපි පියවර ගෙන තිබෙනවා” යයි සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්‍රස්හී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා පැවසීය.

මෙවර තරගාවලියේදී කණ්ඩායම් 12 ක් කාණ්ඩ දෙකක් යටතේ තරගවදින අතර සම්පූර්ණ තරග සංඛ්‍යාව 31 කි. ප්‍රසාද ලකුණු සටහන අනුව ඒ ඒ කාණ්ඩයන්හී පෙරමුණ ගන්නා කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබාගනූ ඇත.

මූලික වටයේ තරග ඔක්තෝබර් 27, 28, 30, 31 සහ නොවැම්බර් 02 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය නොවැම්බර් 09 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රූපවාහිණී සජීවී විකාශනයක්ද සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත.

‘ඒ’ කාණ්ඩයේ තරග ගල්කිස්ස සාන්ත තෝමස්, මොරටුව ද සොයිසා, තර්ස්ටන්, එන්.සී.සී, කටුනායක මේරියන්ස්, බී.ආර්.සී, සී.සී.සී, පී.සරවනමුත්තු, මූවර්ස්, ආර්.ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර ‘බී කාණ්ඩයේ තරග පල්ලේකැලේ, වෙළගෙදර, දඹුල්ල, පොළොන්නරුව, ගම්පොල සහිරා යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ’ කාණ්ඩය -
■ බස්නාහිර පළාත (දකුණ)
■ දකුණු පළාත,
■ බස්නාහිර පළාත (දකුණ -පිටත)
■ බස්නාහිර පළාත (උතුර - පිටත)
■ වයඹ පළාත,
■ උතුරු මැද පළාත

‘බී කාණ්ඩය -
■ බස්නාහිර පළාත් (මධ්‍යම)
■ මධ්‍යම පළාත
■ ඌව පළාත
■ බස්නාහිර පළාත (උතුර)
■ නැගෙනහිර පළාත
■ උතුරු පළාත

 


අදහස් (0)

ප්‍රීමා කුසලාන පළාත් තරග 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.