Last Update  :  2025-12-03 17:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රීමා කුසලාන අවසන් මහ තරගය 19 වැනිදා

ප්‍රීමා කුසලාන අවසන් මහ තරගය 19 වැනිදා

editorial - 2025 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ප්‍රීමා කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 19 වැනිදා කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

පසුගිය වසරේ (2024) පැවැති තරගාවලියේ ශූරයන් වූ කොළඹ දකුණ කණ්ඩායම සහ අනු ශූරයන් වූ මහනුවර කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් මහ තරගයටද සුදුසුකම් ලබා සිටීම කැපී පෙනෙන සිදුවීමකි. මෙවර තරගාවලියේදී මෙතුක ගුණරත්න විසින් කොළඹ දකුණ කණ්ඩායමද, ලකිඳු මෙවුල් විසින් මහනුවර කණ්ඩායමද මෙහෙයවනු ලබති. 

මෙම අවසන් මහ තරගය නොවැම්බර් මස 28 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට යොදා තිබුණද, දිට්වා සුළි කුණාටුවේ බලපෑම සමග ඇතිවූ ගංවතුර සහ නායයෑම් තත්වයන් හේතුවෙන් එය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. 

තරගාවලියේ අවසන් පූර්ව තරග කොළඹ දකුණ සහ කොළඹ උතුර කණ්ඩායම් අතර වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදීත්, ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීත් නොවැම්බර් මස 26 වැනිදා පැවැත්වුණු නමුත් එම තරග දෙකම වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවය පත් විය. 

ඒ අනුව තරගාවලියේ නීති රීතිවලට යටත්ව මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්ව සිටි කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. එම කණ්ඩායම් දෙකම මූලික වටයේදී තරග 3 බැගින් ජයගෙන, තරගය බැගින් පරාජයට පත්විය. 

කොළඹ උතුර, කොළඹ දකුණ, මහනුවර, දඹුල්ල සහ ගාල්ල යන පළාත් කණ්ඩායම් 5 සහභාගි වූ මෙම තරගාවලියේ මූලික වටයේ තරග කොළඹ විශ්ව විද්‍යාල, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම්, කොළඹ රාජකීය විදුහල්, තර්ස්ටන් විදුහල් සහ වෙස්ලි විදුහල් යන ක්‍රීඩාංගණවලදී පැවැත්විණ. 

 


අදහස් (0)

ප්‍රීමා කුසලාන අවසන් මහ තරගය 19 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.