Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ .ප්‍රිමා. කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ‘ඒ’ කාණ්ඩයෙන් වයඹ පළාත් කණ්ඩායමත්, ‘බී’ කාණ්ඩයෙන් බස්නාහිර උතුර කණ්ඩායමත් සුදුසුකම් ලබාගැනීමට ඊයේ (02 වැනිදා) සමත්විය.
වයඹ පළාත් කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර ප්‍රසාද ලකුණු 14 ක් ලබාගත් බස්නාහිර උතුර කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.
තරග 5 කට ක්‍රීඩාකළ වයඹ පළාත් කණ්ඩායම ඉන් තරග 3 ක් ජයගත් අතර එක් තරගයක් පරාජයට පත්විය. තවත් තරගයක් විසඳුමකින් තොරව අවසන් විය. බස්නාහිර උතුර කණ්ඩායම තරග 5 කට සහභාගිවී ඉන් තරග 3 ක් ජයගත් අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් විය. තවත් තරගයක් වර්ෂාව හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය.
මෙහිදී දෙපිල අතර අවසන් මහා තරගය මේ මස 9 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
මූලික වටයේ අවසන් තරග මූවර්ස්, කටුනායක මේරියන්ස්, ආර්.ප්‍රේමදාස, ගම්පොල වික්‍රමභාහු, පල්ලේකැලේ, රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණ වලදී ඊයේ (2 වැනිදා) පැවැත්වුණි. එහිදී දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 44 ක ජයක් ලැබීමට බස්නාහිර (දකුණ පිටත) කණ්ඩායමත්, වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් ලැබීමට බස්නාහිර දකුණ කණ්ඩායමත්, උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව පැරබෝලා න්‍යායට අනුව ලකුණු 68 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර (උතුර පිටත) කණ්ඩායමත් සමත්විය.
ඌව පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 239 ක ජයන් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායමත්, නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර මධ්‍යම කණ්ඩායමත්, උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර උතුර කණ්ඩායමත් සමත්විය.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.