Last Update  :  2024-05-19 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවේශපත් විකිණී අවසන්

ප්‍රවේශපත් විකිණී අවසන්

editorial - 2024 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය දඹුල්ලේ සිට)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දඹුල්ලේදී පැවැත්වීමට නියමිත දෙවැනි සහ තුන්වැනි විස්සයි-20 ජාත්‍යන්තර තරග දෙකේම ප්‍රවේශපත් සියල්ල විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ප්‍රවේශපත් විකිණී අවසන් වීම හේතුවෙන් කොළඹ සහ දඹුල්ලේ පිහිටි සියලුම ප්‍රවේශපත් කවුළු වසා දමා ඇති බවත් ඒ වෙත නොපැමිණෙන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝලීන්ට දන්වා සිටී. 

දෙපිල අතර සෙනසුරාදා පැවැති පළමු විස්සයි-20 තරගයේදීත් ප්‍රවේශපත් සියල්ලම (18,000) ක් විකිණී ගිය අතර ප්‍රේක්‍ෂකාගාර අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. 

දෙවැනි විස්සයි-20 තරගය අද (19 වැනිදා) පැවැත්වෙන අතර තුන්වැනි තරගය 21 වැනිදා පැවැත්වීමට නියමිතය. 

 


අදහස් (0)

ප්‍රවේශපත් විකිණී අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.