Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රවේශපත් නිකුත් කිරීම 22 දා සිට

ප්‍රවේශපත් නිකුත් කිරීම 22 දා සිට

editorial - 2022 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ප්‍රවේශපත් ලබන අඟහරුවාදා (22 වැනිදා) සිට මිලදීගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේ සියලුම තරග පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරග, ලෝක කුසලාන සුපිරි ලීගයට අයත් තරග 3 කි. ලබන වසරේදී (2023) පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක එල්ලේම ප්‍රධාන තරගාවලියට ඇතුළත් වන්නේද නැතහොත් සුදුසුකම් තේරීමේ තරගාවලියට ක්‍රීඩා කරන්නේද යන්න තීරණය කරීම සඳහා ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගාවලිය ඉවහල් වනු ඇත.

තරග සඳහා ප්‍රවේශපත් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයෙන් හෝ පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් නැතහොත් පල්ලෙකැළේ අභීත ක්‍රීඩාංගණයෙන් ලබාගත හැකිය. ප්‍රවේශපත් රුපියල් 500, රුපියල් 2000, රුපියල් 4000 සහ රුපියල් 5000 යන මිලගණන් වලින් ලබාගත හැකිය.

තරග නොපැවැත්වෙන දිනවලදී පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශපත් ලබාගත හැකිය. තරග පැවැත්වෙන දිනවලදී පස්වරු 6.00 දක්වා පල්ලෙකැළේ අභීත ක්‍රීඩාංගණයෙන් ප්‍රවේශපත් මිලදී ගත හැකිය.

මේ මස 25, 27 සහ 30 යන දිනයන්හිදී තරග පැවැත්වේ. සියලුම තරග දිවා/රාත්‍රී තරග වන අතර පස්වරු 2.30 ට තරග ආරම්භ වීමට නියමිතය.

 


අදහස් (0)

ප්‍රවේශපත් නිකුත් කිරීම 22 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.