Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 45 ක ජයක් හිමිකර ගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ දිශාන් ප්‍රමෝද් ලකුණු 59 කට කඩුලු 11 ක් දවාගනිමින් ඉනිමක ජයක් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට හිමිකර දීමට සමත්වූ අතර උදාර මෙන්ඩිස් (58) සහ රවිඳු ඩිල්ශාන් (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලුදෙනා දැවී ලකුණු 239
(උදාර මෙන්ඩිස් 58, රවිඳු ඩිල්ශාන් 50, සමිත ඩිල්ශාන් 34, ශෙහාන් උදාර 31, අරෝෂ් මදුෂාන් 24/3, සහිරු රොෂේන් 12/2, හිමේෂ් අත්තනායක 22/2, හසිත තිමාල් 50/2)
බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 26.3 කදී සියලුදෙනා දැවී ලකුණු 74
(දිශාන් ප්‍රමෝද් 23/5, සිතුම් අකිලංක 04/2)
බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 54.4 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(දිශාන් ප්‍රමෝද් 36/6, සිතුම් අකිලංක 48/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.