Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප්‍රභාත් ජයසූරිය මාසයේ හොඳම ක්‍රීඩකයන් අතරට

ප්‍රභාත් ජයසූරිය මාසයේ හොඳම ක්‍රීඩකයන් අතරට

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අප්‍රේල් මාසයේදී අන්තර්ජාතික මට්ටමේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයන් අතුරින් ඉදිරියට පැමිණ සිටින ප්‍රභාත් ජයසූරිය නැවත වතාවක් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී සිටී. අයර්ලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග දෙකකදී කඩුලු 17 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය, කඩුලු 33 සිට 50 වැනි කඩුල්ල දක්වා දිගු පිම්මක් පනිමින්, අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී (ටෙස්ට් තරග 7 කදී) කඩුලු 50 ක් දවාගත් දඟ පන්දු යවන්නා ලෙසින් ලෝක වාර්තාවක් පිහිටුවීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව 3 වැනිදා නිවේදනය කළ පරිදි, අප්‍රේල් මාසයේ දස්කම් අනුව, විශිෂ්ටතම අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට ප්‍රභාත් ජයසූරිය ඇතුළත්ව සිටී. නවසීලන්තයේ මාක් චැප්මන් සහ පාකිස්තානයේ ෆකාර් සමාන් මෙම ලයිස්තුවට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

අයර්ලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග දෙකේදී ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම වාර්තා වුයේ (52/7), (56/3), (174/5) සහ (88/2) ලෙසිනි.

පාකිස්තානයට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ තරග 4 කදී ලකණු 256 ක් ලබාගත් නවසීලන්තයේ මාක් චැප්මන්, එම ඉනිම හතරේදී එකම වතාවක් හෝ දැවී ගොස් නැත. නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී ලකුණු 117 ක් ලබාගත් ෆකාර් සමාන්, දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 180 ක් ලබාගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියක් පාකිස්තානය ජයගත්තේ වසර 12 කට පසුවය.


අදහස් (0)

ප්‍රභාත් ජයසූරිය මාසයේ හොඳම ක්‍රීඩකයන් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.