Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු දිනයේ වැඩි වාසි දේවානන්දයට

පළමු දිනයේ වැඩි වාසි දේවානන්දයට

editorial - 2022 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර අම්බලන්ගොඩ නගර සභා පිටියේදී පැවැත්වෙන 53 වැනි සුනිල සංග්‍රාම වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (23 වැනිදා) තරගය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි දේවානන්ද විද්‍යාලය කඩුලු 7 ක් දැවී ලකුණු 285 ලබා සිටියේය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පිටිය පුරා දිගට හරහට පහර දුන් දේවානන්ද විද්‍යාලයේ කාංචන ද සිල්වා, පන්දු 57 කදී හයේ පහර 5 ක් හා හතරේ පහර 12 ක් සමග ලකුණු 98 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.

කාසියේ වාසිය දිනාගත් ධර්මාශෝක විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 204 ක් ලබාගත්තේය. එහිදී නවින් රසාංග ලකුණු 55 ක්ද, සෙනිත හලබගේ ලකුණු 42 ක්ද, හසිත රාජපක්ෂ ලකුණු 33 ක්ද ලබා ධර්මාශෝක විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 200 සීමාව පසු කිරීමට පිත්තෙන් දායක වුහ.

ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ වනිත් ද සිල්වාත්, ලකුණු 56 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ හසිදු ප්‍රබෝදත් දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පිළිතුරු පළමු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි දේවානන්ද විද්‍යාලය තරගය නතර කරන විට ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 285 ක් ලබා පළමු දිනයේ වැඩි ගෞරව දිනා සිටියේ තවත් කඩුලු 3 ක් අතැතිව ධර්මාශෝක විද්‍යාලයට වඩා ලකුණු 81 ක් ඉදිරියෙන් සිටිමිනි.

කාංචන ද සිල්වා (ලකුණු 98), ලසිදු ලක්ෂාන් (ලකුණු 55) සහ කවිශ කල්පන (නොදැවී ලකුණු 47) දේවානන්ද විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලයට වඩා පළමු ඉනිමේ ඉහළින් තැබීමට දායක වූ පිතිකරුවෝ වුහ.


ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම - සියලු දෙනා දැවී 204
(නවින් රසාංග 55, සෙනිත හලබගේ 42, හසිත රාජපක්ෂ 33, වනිත් ද සිල්වා 50/4, හසිදු ප්‍රබෝද 56/4)

දේවානන්ද විද්‍යාල පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 285
(කාංචන ද සිල්වා 98, ලසිදු ලක්ෂාන් 55, කවීශ කල්පන නොදැවී 47)

 


අදහස් (0)

පළමු දිනයේ වැඩි වාසි දේවානන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.