Last Update  :  2025-08-03 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

editorial - 2021 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොකේෂ් රාහුල්ගේ (නොදැවී 127) ශතකයත්,  රෝහිත් ශර්මාගේ (83) අර්ධ ශතකයත්  හමුවේ එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වනවිට ඉන්දීයාව පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 276 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය පළමු ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට රෝහිත් ශර්මා සහ ලොකේෂ් රාහුල් සමත් වූහ. 

ලකුණු 42 ක් රැස්කර සිටියදී ඔලී රොබින්සන්ගේ පන්දුවක් හමුවේ පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි ජෝ රූට් අතට උඩපන්දුවක් දෙමින් විරාට් කෝලී අද දවසේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය. 

ඉන්දීය ඉනිමේ බිඳවැටුණු පළමු කඩුලූ 2 ටම හිමිකම් කීමට ජේම්ස් ඇන්ඩසන් සමත් වූ අතර ඔහුගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී යන විට රෝහිත් ශර්මාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සමන්විත වී තිබිණ. 

ඉන් අනතුරුව පිටියට පිවිසි චෙටේෂ්වර් පුජාරාට වැඩි වේලාවක් කඩුල්ලේ රැුදී සිටීමට ඇන්ඩසන් ඉඩක්  නොදුන්නේය. ඇන්ඩසන්ගේ පන්දුවක් හමුවේ කඩුලූ රකින කී‍්‍රඩක ජොනී බෙයාර්ස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට පුජාරා ලබා සිටියේ ලකුණු 9 ක් පමණි. 

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජෝ රූට්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ඉන්දියාව, දිවා ආහාරයට පෙර වර්ෂාව හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 46 ක් ලබා සිටියේය. 

ඉන්දීය පළමු ඉනිම - කඩුලූ 3 කට 276 

(රෝහිත් ශර්මා 83, ලොකේෂ් රාහුල් නොදැවී 127, විරාට් කෝලී 42, අජින්ඛ්‍යා රහනේ නොදැවී 1, ඇන්ඩසන් 28/2, ඔලී රොබින්සන් 47/1)

-036


අදහස් (0)

පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.