Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසළාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම අතර තරගය ජයපරාජයෙන් තොරව ඊයේ (17 වැනිදා) අවසන්විය. මෙම තරගය තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.
මහින්ද රාජපක්ෂ විදුහල පළමු ඉනිමේදී කඩුලු 6 කට ලකුණු 232 ක් රැස්කර ඉනිම අත්හිටුවා තර්ස්ටන් විදුහලට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඔවුන්ට සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 232 ක් බැවින් දෙපිලේම පළමු ඉනිමේ ලකුණු සමවිය.
මහින්ද රාජපක්ෂ විදුහල වෙනුවෙන් සංගීත් ශෙහාර (73) සහ රිවියුත් රසාංජන (51) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වු අතර රකිඳු හිම්සර ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.
තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් ලුවින් ලිත්මාල් අර්ධ ශතකයක් (54) සහ ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර නිෂාන් වීරසිංහ (59) අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්විය.
මහින්ද රාජපක්ෂ විදුහල - පළමු ඉනිම - ඕවර 46.5 කදී කඩුලු 6 ක් දැවී 232
(සංගීත් ශෙහාර 73, රිවියුත් රසාංජන 51, යසිඳු සුබසිංහ 48, රකිඳු හිම්සර නොදැවී 20, ලුවින් ලිත්මාල් 66/4)
තර්ස්ටන් විදුහල ‘බී’ - පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී 232
(නිෂාන් වීරසිංහ 59, ලුවින් ලිත්මාල් 54, දිනෙත් බණ්ඩාර 47, මිනුප බණ්ඩාරනායක 29, රකිඳු හිම්සර 45/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.