Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පස්දුන් කෝරළේ හටන 21-22 දිනවල මතුගමදී

පස්දුන් කෝරළේ හටන 21-22 දිනවල මතුගමදී

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතුගම ශාන්ත මේරි විද්‍යාලය සහ ආනන්ද ශාස්ත‍්‍රාලය අතර පැවැත්වෙන ”පස්දුන් කෝරළේ හටන” නමින් විරුදාවලිය ලත් මහා ක‍්‍රිකට් තරගය 51 වැනි වරටත් මෙම මස 21 සහ 22 දෙදින මතුගම ශාන්ත මේරි විදුහල් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ.

1963 වර්ෂයේදී ආරම්භ කළ මෙම මහා ක‍්‍රිකට් තරගයේදී ආනන්ද ශාස්ත‍්‍රාලයීය පිල ජයග‍්‍රහණ දෙකක් වාර්තා කර ඇති අතර ශාන්ත මේරි පිල ජයග‍්‍රහණ 12 ක් වාර්තා කර තිබේ.

තෙවන වසරේ වර්ණලාභී ක‍්‍රීඩකයකු වන තාරක මධුවන්ත ආනන්ද ශාස්ත‍්‍රාලීය පිල මෙහෙයවයි. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ ක‍්‍රීඩකයකු වන ඔහු මෙවර තරගවාරයේදී ශතක තුනක් සමගින් ලකුණු 450ක් ලබාගෙන ඇති අතර කඩුලූ 40ක් බිඳ හෙලා ඇත. තෙවන වසරේ වර්ණලාභී ක‍්‍රීඩකයකු වන නිශාන් ජයමාල් උපනායකත්වය දරයි.

ආනන්ද ශාස්ත‍්‍රාලීය කණ්ඩායම මෙවර තරග 8කට සහභාගිවී පූර්ණ ජයග‍්‍රහණ 03ක් වාර්තා කර ඇත.

සිව්වන වසරේ වර්ණලාභී ක‍්‍රීඩකයකු මෙන්ම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක‍්‍රීඩකයකු වන උදාර මධුසංක ශාන්ත මේරි පිල මෙහෙයවයි. මෙවර තරගවාරයේදී කඩුලූ 25ක් බිඳ හෙලා ඇති උදාර ලකුණු 200ක් ලබා ඇත. තුන් වන වසරේ වර්ණලාභී ක‍්‍රීඩකයකු වන කුෂාන් චතුරංග ශාන්ත මේරි පිලේ උපනායකත්වය දරයි.

ශාන්ත මේරි පිල මෙවර තරග 8කට සහභාගිවී තරග 2ක පූර්ණ ජයග‍්‍රහණ ලබා තිබේ.

ශාන්ත මේරි කණ්ඩායම


පළමු පෙළ වමේ සිට - කවිශ්ක වික‍්‍රමසිංහ, අජිත් පැරකුම් ජයසිංහ මයා (කි‍්‍රකට් බාර ආචාර්ය) උදාර මධුසංක (නායක) චන්දිමා ප‍්‍රියදර්ශනී මිය (විදුහල්පති), කුෂාන් චතුරංග (උප නායක) චන්දිම විතාන (පුහුණුකරු) නිපුන් මද්දුමාගේ.

දෙවන පෙළ වමේ සිට - ජනිත් මධුසංක, ප‍්‍රවීන් මධුසංක, දිමෙත‍්‍රී මල්ශාන්, නිෂාන් මධුසංක, වසන්ත රමේෂ්, පසිඳු ලක්ෂාන්, තරිඳු වෙල්ගම, දිනුෂ මධුසංක, නිරෝෂන් මධුසංක, පසිඳු රංගනාත්, බිනුර භාතිය

ආනන්ද ශාස්ත‍්‍රාලයීය කණ්ඩායම


ඉදිරිපෙළ වමේ සිට - මධුසංක ඒකනායක, තාරක මධුවන්ත (නායක, ආනන්ද කොඩිතුවක්කු (සහකාර විදුහල්පති සහ ක‍්‍රීඩා බාර ආචාර්ය) රන්දුන් ජයලත් (විදුහල්පති) ගයාන් පාලිත දිසානායක (ක‍්‍රිකට් බාර ආචාර්ය) අජිත් මද්දුමාගේ (පුහුණුකරු) ක‍්‍රිෂාන් සජිත් (පුහුණුකරු) නිශාන් ජයමාල් (උ. නායක)

දෙවන පෙළ වමේ සිට - ශක්ති වික‍්‍රමනායක, අෂාන් දිනූෂ, චලිඳු දේශාන්, දසාන් සංජුල, කසුන් ජයනාත්, පවන් නිසල්, චමිත් ඉසංක, නඳුන් අචින්ත, විදුර මන්තික, මලිත් දිල්ශාන්, කසුන් චාමර.

තෙවන පෙළ වමේ සිට - උමේෂ් කව්ශාන්, දනුෂ්ක ප‍්‍රසාන්, දමිත් ජයසිංහ, නදීශ් මල්ශාන්, මංචුක නදුන්, හර්ෂණ තුසිත, මලිඳු ප‍්‍රභාත්, අශාන් ගුණවර්ධන.


අදහස් (0)

පස්දුන් කෝරළේ හටන 21-22 දිනවල මතුගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.